chapter 28

509 117 10
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.


අවසානෙ ප්‍රකාශිත වුන උන උඹෙ ආදරේට මම ගැරහුව වගේ දැනුන..... ඔය ඇස් වලත් කදුළු පිරෙව්වට මට සමාවෙයන් මගෙ රත්තරන්. ...මේ ලෝකෙ අපි ආදරේ කරන හැමදේම අපේ වෙන්නෑ මගෙ මහත්තයෝ.... .....

*************************************

අංකල්ගේ හැම වචනයක් ම මට උඹව මගේ නෙවෙයි කියල මතක් කරල දෙද්දී කන්න දීපුඅත හපාකන බල්ලෙක් ගානට මට වැටෙන්න බෑ රත්තරන් ..... මට සමාවෙයන්. ..... කිසිම දෙයක් නොකිය කොටින්ම කිව්වොත් එයා දිහා බලන්නෙවත් නැතුව මම එන්න ආව .... මම දන්නවා මම ආපහු හැරැනොත් මගේ ආදරේ තවදුරටත් රහසක් වෙන එකක් නෑ කීයටවත්...
ටිකකින් එයා පහලට ආව මම බලාගෙන........ ඒ මූණ මගහරින්න මම කොච්චර උත්සාහ කරාද කියල මංවත් දන්නැති තරම් .... ඒත් මම එයා දිහා බලන හැමවෙලේකම ඒ ඇස් දෙක මගෙ ලග නතර වෙලා තිබ්බ...... මම ආපහු යන්න හදද්දිම නෙතූ අක්කයි කේශාන් අයියයි දෙන්නම සින්දුවක් කියන්න ගත්ත.... ලස්සනයි........ ඒ දෙන්නා ආදරේ විදින දිහා පැත්තක ඉදන් මම බලන් උන්න ...... ඒ දෙන්න සින්ග් කරල දුවගෙන ආවෙ මගෙ පැත්තට වෙද්දී මම වටපිට බැලුව. .....

"මල්ලී සින්දුවක් කියනවකෝ හලෝ .... අද මගෙ birthday එකනෙ කියනවකො..... "

ඒ කීවෙ මට නෙමේ මගෙ පිටිපස්සෙන් මෙච්චර වෙලාවක් ඉදල තියෙන බැල්කනි හොරාට වෙච්චි කොහේදෝ ඉදල දුවගෙන ආව නීශා අක්කා එයාගෙ අතේ එල්ලුනා. ...... පිහියෙන් අනිනව වගේ ඒ දැනුන වේදනාවට ටිකකට කලින් වේලිලා තිබුන කදුළු ආයෙමත් අලුත් වෙන්න හැදුව. .......

" අනේ කවී අයියෙ කියන්නකෝ .... ප්ලීස් ...... ප්ලීස් ....... "

" ඔව් මල්ලී අක්කගෙ ඉල්ලීමනෙ ඔන්න ඔහේ කියන්න.... අහන් ඉන්න අමාරැවුනොත් ඉතින් අපිට කන් දෙකේ ඇබ හරි ගහගන්න බැරිය.... නැද්ද නෙතූ. .... "

" කේශු ඔයානම්...... මගෙ මල්ලිට කොටේට හොදට සින්ග් කරතෑකි ඈ..... මගෙ මල්ලියෝ මගෙ නම්බුව බේරපියෝ ........ "

ගිටාර් එකත් අතට ගත්ත එයා සින්ග් කරන්න ගත්ත වෙනකොට නෙතූ අක්කයි කේශාන් අයියයි දෙන්නම මගෙ එහා පැත්තෙන් ඉදගත්ත. ..... . .... ... ඒ සින්දුව ...... ඔව් උඹ ඒ සින්දුව කියන්නෙ මටනේද.... මට දැනෙනව රත්තරනෙ. ......


Love In My Heart    ( Completed )                           Where stories live. Discover now