chapter 36

489 109 24
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

"චූටි ඔයා නොදන්නවා වුනාට  අපේක හය හත් ගමනකට වැඩිය මගෙන් කෝල් කර කරා ඔයා ගැන ඇහුව...... ..... පව් කොල්ල හොදටම බය වෙලා....... මන් දන්නනෑ  චූටි  ඔයාගෙ හිතේ මොනවගේ හැගීමක් මගෙ මල්ලි ගැන තියෙනවද  කියල...... ඒත් ඌ ඔයාට පණ ඇරල...... මම කවදාවත්  හිතුවෙ නෑ  මගෙ මල්ලි ඔය තරම්  කාටවත් ආදරේ කරයි කියල. ..... ...... ඇත්තටම ආදරේ කියන දේ තියෙන්නේ විදින්න මිසක් විදවන්න නෙමෙයි චූටි ....... ඒත් ගොඩක්  අය ආදරේ කියන දේ නිසා විදවනව.....මම කැමති නෑ  ඔය දෙන්නට එහෙම  වෙනවට...... පිරිමියෙක්  තවත් පිරිමියෙක්ට  කරත් ආදරේ ආදරේමයි..... ආදරේට ගෑනු පිරිමි භේදයක් නෑ කියලා  විතරක්  මතක තියාගන්න. ....... මට කියන්න තියෙන්නේ අපේකගෙ ආදරේ  ප්‍රතික්ශේප  කරන එක නොකරන  එක ඔයාට බාර දෙයක් ඒත්   කවදාවත්   ගෑනු පිරිමි කියන සාධකය ආදරේදි මූලික කරගන්න එපා චූටි .... මම දන්නවා  ඔයා එහෙම කරන එකක් නෑ කියල. ...... "

*************************************

" අක්කෙ....මම........... "

"හරි මල්ලී අපි පස්සේ කතා කරමු මේ ගැන ........ යමුකො පහලට දැන් ඩිනර් එක ගන්න. ...ම්ම්ම්ම් .... "

" තව ටිකකින් එන්නම් අක්කෙ....... "

" හ්ම්ම්ම්. .....හරි..... "

මම පහලට ගියේ විනාඩි දහයක් පහළොවකට විතර පස්සේ. ..... මම යද්දී අංකල් කතාවක ....ඒත් ඒ කටහඩ ........ එයා ඇවිත්ද......

" පුතා මොකද දරැවො මේ වැඩෙත් දාල දුවගෙන ආවෙ ...... මොකක් හරි ප්‍රශ්නයක් ද. ...... "

" අනෙ නෑ ඩැඩී වැඩේ හොදට කෙරැණ. ..... හෙට දවල් මීටින් එක දාගත්ත..... අපේ ප්‍රසන්ටේෂන් එකට එයාල ගොඩක් කැමති උනා........ "

" ඉතින් දරැවො මීටින් එකටත් ඉදල එන්න එපැයි..... හදිසියේම ආවෙ...... "

" ආ...මේ ...ඩැඩී. ...මට අමතකවෙලා important file එකක් දාල ගිහින්නෙ..... ඒක ගන්න ආවෙ....... "

" ඒක දරැවො මට කීවනම් අරගෙන එනවනෙ.... ඒ නැතත් ඩ්‍රයිවර් අතේ හරි එවනවනෙ...... ඒකට කඩාගෙන බිදගෙන එන්න ඕන නෑනෙ දරැවො. ..... "

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now