chapter 45

484 114 28
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

" ඒ කියන්නෙ හෙට යන ගමන උඹගෙ හිතට වේදනාවක් කියල දැන දැනම උනත්. ..උඹ ඒ ගමන යනවා. ....... "

" ඔව් මම හෙට ලංකාවට ආපහු යනව...... ........ "

*************************************

" හරි එහෙනම් උඹත් එක්ක යන්න අපිත් එනව....... යමන්..... එකටම යමන්...... "

" පිස්සු කරන්නැතුව හිටපන් බන්...... උඹ මෙහෙ හොටෙල් එකේ වැඩ ටිකත් බලාගෙන සතීෂ් එක්ක මන් ආයෙමත් එනකම් හිටපන්....... මේ බිස්නස් එකේ වැඩේ ඉවර උන ගමන් සමහර විට ඉක්මනටම මම ආයෙමත් ඒවි........ "

" ලංකාවට ආයෙම ගියාම ආපහු එන්න උඹව ඉතිරි වේවිද බන්. ....... මෙහෙට ආව මුල් දවස්වල උන්න අනුහස්වවත් අඩුම ගානේ ඉතිරි කරපන්...... උඹට මේ ගමන යන්නම ඕනෙනම් මම යන්නම් බන්...... මේක බිස්නස් වැඩක් නිසා මටත් යන්න පුළුවන්නෙ බන්........ "

ඌට ඕනෙ මාව තියා ගන්න. ..... ඇත්ත මුලින් මේ රටට පයතියද්දි බාගෙට මැරිල උන්න මාව ආයෙමත් උන් ඒ විදියට දකින්න කැමති නැතිව ඇති....... තැන තැන වැටිල අඩ අඩා ඔහේ කල්පනා කර කර උන්න මාව පිස්සෙක් ගානට නොවැටුනේ උන් දෙන්නගෙ හයියට....... ඉතින් උන් දෙන්නගෙ බය සාධාරණයි. ...... කොච්චර පිටින් ශක්‌තිමත් කියල පෙන්නන්න හැදුව උනත් ඇතුලටතින් මම දුර්වලයි ........ ඒක උන් දෙන්නා දන්නව. ........


" එහෙම ඕනෙ නෑ නෙතීෂ්. ....... "

"එහෙනම් උඹ පරිස්සමට ගිහින් වරෙන්. ....... හොදද...... ඊට කලින් මට පොරොන්දු වෙයන් ඔය දැන් ඉන්න උඹවම අපි ලගට එක්කන් එනව කියල..... "

පොරොන්දුවක්. .. තවත්....... පොරොන්දුවක්......මන් මගෙ ජීවිතේ මේ අවුරුදු විසිගානටම කරේ පොරොන්දු රකින එක විතරමද කොහෙද. ....... පොරොන්දු ගන්න කවුරැවත් කවදාවත් දන්නෑ ඒ පොරොන්දුව රකින්න ඒ මනුස්සයා විදින වේදනාව. .....හරියට අද මම වගේ...... අඩුම තරමෙ මගෙ ජීවිතේ නැතිකරගන්නවත් මට අයිතියක් නෑ.......... මගෙ ආදරේ ලගටවත් යන්න මට අයිතියක් නෑ .... . ඒ හැමදේම පොරොන්දුව කියන දිවුරැමෙන් බැදිල..... .....

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now