chapter 12

633 123 10
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි . සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.

එහෙම කියල නෙතූ අක්කා හැරැණෙ මන් පැත්තට ඉතින් මමත් ඒකට ඔව් කියන්න ඔලුව වැනුව. ඒ දෙන්නම තව මොනවදෝ කියව කියව පහලට ගියා වෙනකොට තුන් හිතකින්වත් ෂොපින් යන්න බලාපොරොත්තු නොවුනු මම අංකල්ගෙයි ආන්ටිගෙයි හිත් රිද්දන්න බැරි කමටම යන්න ලෑස්ති වෙන්න ගත්ත. වෙනදටනම් මගෙ ආචු මාව බලෙන්ම ෂොපින් එක්ක යනව . ආචු...... ඒක තමා මම මගෙ ආච්චි අම්මට ආදරේට කියපු නම. ආච්චි අම්මට ඕන වුනේ මම නිතරම ලස්සනට අදින පලදිනව දකින්න . ඒ නිසාම එයත් එක්ක ෂොපින් ගියොත් රෙදි ෂොප් එකෙන් බාගයක්ම වගේ උත්සන් එනවමයි . අතට අහුවුනු ඇදුමකුත් දාගෙන මම පහලට ගියේ ආන්ටි නෙතූ අක්කයි දැනටමත් රෙඩි වෙලා ඇති කියල හිතල උනත් එතන හිටියෙ බැල්කනි හොරා විතරයි . නිල් ඩෙනිමට අත්දිග කලු ටී එක ඇදල උන්නු එයාගෙන් මට පෙනුනෙ වෙනදාටත් වඩා කඩවසම් කෙළිලොල් බවක්.

මගේ පහල ඉදන් උඩටම බලපු එයාගෙ ඇස් එකතැනක නැවතුනා.

*************************************

මේ මනුස්සයාට මැජික් එකක් වගේ මොකද මන් දිහා අමුතු විදියට බලන්නෙ. බැල්කනි හොරාගෙ ඇස් තිබ්බේ මගේ ලග වෙනකොට ඒ කොහෙද කියලා බලන්න මමත් මගෙ දිහාම බැලුව. ඒ ඇස් නතර වෙලා තිබුනෙ මගෙ සයිඩ් එකක් ඕපන් වෙලා තිබුන උරහිසගාව .. දැන්නෙ මට තේරැනෙ අතට අහුවුන ඇදුමක් ඇදන් ආව මිසක මට මේ ගැන කල්පනා වුනේම නෑ. මම ඇදන් ඇවිත් තිබුණෙ සයිඩ් එකෙන් ඕපන් එකක් තිබ්බ ටීෂර්ට් එකක් . මම ඇදුමෙ බට්න් ටික දාගෙන තිබිල නෑනෙ. මගෙ කරගාව ඉදන් උරහිසගාවට වෙනකන්ම ඕපන් වෙලා. ඒත් ඔච්චර මට කියවන මනුස්සයාට කටක් ඇරල කියන්න බැයිද මට රව රව ඉන්නැතිව . ඒ ඇස් තාමත් මන් ගාවම වෙනකොට කියාගන්න බැරි වෙනස් කවදාවත් මට නොදැනුනු ලැජ්ජාවක් මගෙ හිතට එද්දි ඒ හැගීම යටපත් කරගන්න ඕන නිසාම මම ඉක්මනට මගෙ ඇදුමෙ බට්න් ටික දාගන්න ගත්ත.

" ඕක වහගන්නව නැත්තම් මට ෂොපින් කිරිල්ල පැත්තක දාල තමුන්ව එක එක උන්ගෙන් පරිස්සම් කරන්න වෙයි. "

"මට කාගෙන්වත් පරිස්සමක් ඕන නෑ . මට පුළුවන් මාව පරිස්සම් කරගන්න. ඒක හොදටම ඔය මහත්තය දන්නව ඇතිනෙ. "

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now