chapter 18

576 120 12
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

" මම.....මම....මේ....කීවෙ. ...... මම මොකක් කීවත් තමුසෙට මොකෝ...... අන්න ඩැඩී කතා කරා ..... රෑම් එකේ ඇති...... ඒක නෙමේ දැන් කොහොමද පණ්ඩිතයගෙ කකුල. ... "

" කකුල දැන් හොදයි......"

" හහ් ...... රෑ එලිවෙන ටිකට කකුල හොදවෙන්න මොකද තමුන් වෙද පප්පගෙ අරිෂ්ටෙ බිව්වද ආ..... "

*************************************

අරිෂ්ටෙ. .. බිව්වද..... නෑ අරිෂ්ටෙ කල්දේරමකින් නෑව........ එහෙම
හිතුනත් ඉතින් මම කියන්න ගියේ නෑ . මොකද රණ්ඩු වෙන්න තරම් මූඩ් එකක් මට දැන් නෑ............ කකුල නම් තාම රිදෙනවා ඒක ඇත්ත. ඒ උනත් මම මොකටද ඒක මෙයාට කියන්නෙ. .

"ඒපාර .... මොනාද තමුසෙ කල්පනා කරන්නේ. .... "

" මොනා ...හරි ... මට ඕන දේ.... "

"ඒකත් එහෙම ද ..... කමක් නෑ අඩන බේබි. .... ඩැඩී බලාගෙන ඇති... දැන් යනවකො... ' අඩන බේබී ....... අඩන බේබී........"


මං යන්න හදද්දිම බැල්කනි හොරා අඩන බේබි..... කිය කියා තාලෙට කෑ ගහන්න ගත්ත වෙනකොට මම රැව්ව..... .... ඒත් මේ මනුස්සය හිනාවෙනව. .... ඇයි දන්නෑ වෙන කාටවත් නොවුනු විදියට මම ඒ හිනාව ඉස්සරහ ගොලු වෙනව...... ඒ හිනාවත් මග ඇරල මම කෙලින්ම ගියේ අංකල්ගේ රෑම් එකට. ...... දොරට දෙතුන් සැරයක්ම මම තට්ටු කරා.


" ටොක්.. .... ටොක්. .... . ටොක්...... අංකල්....මේ මම අනුහස්. ......"



" ආ......... .....එන්න පුතා ඇතුළට.... ..."


" අංකල් මට කතා කරල තිබුන....."


" ඔව් පුතා....... ඔයාට අද bookshop එකට යන්න ඕනෙ කිව්ව නේද. ...... මාත් එක්කම එක්කන් යන්න හිටියට මට අද මීටින් එකක් වැටිලනෙ පුතා ඒ නිසා මට එන්න බැරිවෙයි....."

" ආ...... ඒකට කමක් නෑ අංකල් මට තනියම යන්න පුළුවන් ..."


"නෑ......නෑ......එහෙම ඕන නෑ...... පුතා තාම මෙහෙ පාරවල් දන්නෙත් නෑනෙ හරියට. .... ඒනිසා ...... අපේ එකත් එක්ක ගිහින් එන්න. ... අද මිනිහට ලෙක්චර්ස් නැහැ ... ඒ නිසා දෙන්නම එක්ට ගිහින් එන්නකෝ.... මම මේ ගැන කලින්ම කීව සුදුපුතාට ........ ඒ නිසා බයවෙන්න එපා. ..... දෙන්නම දවල් වෙලා කා එකේ ගිහින් එන්න. ..... ආ.... තවදෙයක්. ... පුතාට අවශ්‍ය දේවල් ගන්න සල්ලි ..... "

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now