chapter 31

504 109 14
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

ඒ පපුව අස්සෙ මූණ ඔබාගත්ත මන් මගෙ අත්දෙකම ඒ ඉනවටේ යවල තවත් ඒ පපුවට තුරැල් උනා වෙනකොට එයාගෙ එක අතකින් මාව තවත් එයාට තද වුනා..... .....

" මේ පපුවෙ උඹ මුලු ජීවිත කාලෙටම උනත් තියාගන්නව මන්......ඒත් මැණික. ........ ඔය හිතේ ..තියෙන හැම දුකක්ම පිටකරපන් රත්තරන්. .............. ඇති වෙනකම් අඩපන් මැණික. .....මට බයයි අන්තිමේට හැම දුකක්ම උඹ තනියම උහුලල .... ඔය හුස්ම අතඅරින්න හිතෙයිද කියල........"

*************************************

ඇත්තටම මට දැන් හිතෙන්නේ ඒ දේ විතරමයි රත්තරන්. ........ මමත් මැරිල ගියානම් කියල......... මගෙම ලොකු තාත්තා මගෙ අම්මවයි අප්පච්චිවයි මගෙන් උදුරගෙන. .......... ඇස් වලින් කදුළු ගලන්න ගලන්න මම කරේ තවත් එයාට තුරැල් වුන එක වෙනකොට එයා මගෙ ඔලුව හරි ආදරෙන් අතගෑව...... මම නිසා එයා ගොඩ වෙලාවක් හිටගෙන.... ඒත් පොඩ්ඩකටවත් මාව ඒ පපුවෙන් ඈත් නොකරම එයා තාමත් මගෙ ඔලුව අතගානව....... ආදරේ කියන අකුරැ හතරවත් උඹට නොකිය මට මේ දෙන ආදරේට උඹට පින් රත්තරනෙ. ...... මම එහෙමම මූණ හංගන් හිටිය ඒ පපුවට දැනෙන නොදැනෙන ගානට හාදුවක් තිබ්බ ........

" සුදු මැණික .............මන් උඹෙන් අහන්නෑ මැණික ලෙක්චර්ස් කට් කරල ගියෙ කොහෙද කියලා..... ඒවගේම කවුරු හම්බවුනාද කියල .... මොකද මම දන්නවා මට ඒකට අයිතියක් නෑ කියල ....... මේ අහන්න මැණික උඹට කවුරැ නැතත් මොන දේ උනත් මොන ප්‍රශ්නෙ ආවත් හැමදාම මම උඹට ඉන්නවා කියල විතරක් මතක තියාගනින් ඔය හිතේ. ........................ "

එයාගෙ පපුවෙ අස්සෙ ඔලුව හංගන් හිටිය මම ඔලුව ඉස්සුව වෙනකොට තාමත් නතර නොවුනු මගෙ ඇස් වලින් ගලන කදුළු එයාගෙ ඇසුත් රතු කරල තිබුන. ........ මං නිසා ඔය ඇස් වලත් කදුළු පිරෙව්වට මට සමාව දෙනවද රත්තරන්. .... හිතේ තියෙන කිසිම දෙයක් කාටවත් කියාගන්න බැරි තරමට මම දැන් අසරණයි. .....

" කොහොමද දන්නෙ මම ලෙක්චර්ස් කට් කරා කියල....... මම කාවහරි හම්බවෙන්න ගියා කියල..... මගෙ පස්සෙන් ආව ද......"

Love In My Heart    ( Completed )                           Tempat cerita menjadi hidup. Temukan sekarang