chapter 39

443 106 15
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

අඩන්න. .......මට ඕනෙ කෑ ගහල අඩන්න පපුවට දැනෙන මේ වේදනාව නැතිවෙනකන් අඩන්න. ..... .... ආයෙ මේ කදුලු දිය කරන්න ඒ පපුවෙ කවදාවත් ඉඩක් මට නොලැබේවි කියන සිතිවිල්ලම මගේ කදුළු අලුත් කරන්න කරන්න මම කරේ කදුළු හිරකරගන්න මගෙම පපුවට ගහගත්ත එක......... අවසානෙ පණ නැති මලකදක් වගේ මම බිම වැතිරැනා. ........ ......... හොදවෙලා තිබුන තුවාලෙ පෑරිල ලේ ආව උනත් මම එහෙමම ඉදිය........

*************************************

වැටිල උන්න තැනම නින්ද ගිහින් උන්නු මම නැගිටල ගිහින් ඇදන් හිටිය ඇදුම පිටින්ම ෂවර් එක යටට ගියා...... ඊයෙ පෑරැණු තුවාලෙත් ලාවට දාගෙනම සීතල වතුර බින්දු මාව තෙමාගෙන ඇගට වැටුන. ...... ...... වේදනයි..... තුවාලෙ නෙමේ මගෙ හදවත........ ....... කණ්ණාඩිය ඉස්සරහ වැටිල තිබුනු මගෙම රෑපෙ දිහා මම ටික වෙලාවක් බලන් උන්න. ........ මගෙ පෙනුම. ...... කැතක් නෑ..... ගෑනියෙකුගෙ හිත හොල්ලන්න තරම් අඩුවක් නැතිව මට ලස්සනක් තිබුන. .... සල්ලි ....... සල්ලිත් මට ඕන තරම් තිබුන....... ඒත් ආදරේ....... දශමෙකටවත් මට උරුම නොවුනු ඒ හිස්තැන වෙද්දී ඒක පුරවන්න හිටිය එකම කෙනාවත් මට නැති උනා....... නැති උනා නෙමේ මම අතඇරගත්ත..... මට තිබුන ආත්මාර්ථකාමී වෙන්න. ..... වෙනකොහේ හරි ගිහින් උඹත් එක්ක එකට ජීවත් වෙන්න. ...... මගෙ කුසින් තාත්තා කෙනෙක් කරන්න බැරි වුනත් දරැවෙක් අරන්හරි හදාගන්න. ........ සම්මතේ අසම්මතේ හොයන මේ වගේ රටකින් උඹත් එක්ක පැනල යන්න. ...... . .ඒ හැමදේම කරත් සැනසීමක් තියේවිද. ...... තමන්ව ජාතක කෙරැව දෙමාපියන්ව දාල මාත් එක්ක යන්න කියල මම කොහොම ද කියන්නෙ .... .අම්ම අප්පච්චි නැති මම කොහොමද තවත් කෙනෙක්ව ඒ වගේ තැනකට ගේන්නෙ......... මට පිහිට වුන අංකල්ට කොහොමද පිටුපාන්නෙ....... මගෙ ජීවිතේ බිලිගන්න බලන් ඉන්න උන් ගාවට කොහොමද ඔයාව ඇදල දාන්නෙ.........

මගෙ පොරොන්දුව හරිදෙයක් නේද ...... මම ගියාම එයා එයාගෙම ලෝකයක් ගොඩ නගා ගනී නේද....... ඒ ලෝකෙ එයා සතුටින් ඉදීවි නේද......මම මගෙන්ම ඇහුව..... ............. කෑමට පිරියක් හිත ලග නොවුනු තැන මම ඇදට වැටුන. ........ ඒ ආන්ටි මට කතා කරනකන් විතරයි......... දොර ඉස්සරහ හිටගෙන උන්න මාලිනී ආන්ටි මට කන්න කතා කරා. ..... . .....

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now