chapter 08

695 136 13
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.

මටනම් ආච්චි අම්ම කියල තියෙන්නේ කනකොට හතුරෙක්ටවත් ගහන්න එපා කියලයි . මොනව උනත් ඒ පාර වැදුණු සැරට කකා හිටපු අඹත් මගෙ ඉස්මොලේ ගියා. ආපු කේන්තියක් එක්කම පිටිපස්ස හැදරිච්ච මම අඹ ගහට ටිකක් දුරින් පිටුපාල හිටිය මනුස්සයාට කකා හිටපු අඹ ගෙඩියෙන් දමල ගැහුවා. මට රවාගෙන මගෙ පැත්ත බලාගෙන හිටපු මූණ දැක්කම මට හිතුනෙම ගහ උඩටම වෙලා ඉන්න. ..........

*************************************

බැල්කනි හොරා..... මම හීමීට මිමිනුව . මම ගහපු අඹ ගෙඩියෙ පාර සුදුපාට ටීෂර්ට් එකේ තදටම හිටල. එක අතකින් ඒක මගේ වැරැද්දක්ම නෙමේ නෙ. මම නෙවෙයි නෙ මුලින්ම ගැහුවෙ. මම පුංචි එකෙක් වගේ උණු වැරැද්ද සාධාරණීකරණය කරන්න හැදුව. ඒත් එක්කම වගේ ඈතින් හිටිය බැල්කනි හොරා මගෙ දිහාවට ඇවිදන් ආව. ගහ කිට්ටුවටම ආපු එයා මට මොකක්හරි කියන්න ගියා උනත් සාක්කුවේ තිබුන පෝන් එක එතකොටම රින්ග් වුනා.

" හෙලෝ මචං ශෙනා.... . හරි හරිබන් ..... අද චුට්ටක් ලේට් .... එච්චරයි නෙ. කොහොමත් දැන් ලෙක්චර්ස් එකට එන්න ටයිම් එකක් නෑ............ අපේ ගෙදර අඹ ගහට රිලවෙක් පැනල බන් දැන් ඌව එලවන්න වෙලා. එසේ මෙසේ එකෙක් නෙමේ බන් පතාරියන් සයිස් එකෙක්. හවසට නෝට් ටිකත් අරන් ජනියත් එක්ක අපේ ගෙදර වරෙන් ආ........"

කෝල් එක ඉවරවුනුගමන්ම බැල්කනි හොරා ආයෙමත් ගහ උඩ මන් දිහා රවල බැලුව . ඇයි කියන්න මට හරියටම තේරැන් නැතත් ඒ රැවිල්ලෙ අමුතු ලස්සනක් තියෙනවා කියලා මට හිතුනා.

" මේ බලනව ඕයි.... තමුසෙ කරපු වැඩේ. ෂිට්. ........ඇදුම ඉවරයිනේ. ......
තමුන් නිසා මට අද ලෙක්චර්ස් යන්නත් පරක්කු උනා.... "

" මම නෙමෙයිනෙ මුලින් පටන් ගත්තේ. තමුන් තමා මුලින්ම මට ගලකින් ගැහුවෙ....."

මට ගරුත්වයක් නොදෙන කෙනෙකුට මම මොකටද ගරුත්වයක් දෙන්න යන්නේ. මමත් බැල්කනි හොරාට එයාගෙ භාෂාවෙන් ම කතා කරන්න පටන් ගත්තා.

"ආ........ඒකද ...... මම මේ හිතුවෙ ......අපේ ගෙදර අඹ ගහට රිලවෙක් පැනල කියලනෙ. ඉතින් ඌ එලවන්න හිතාන ගලක් ගැහුවෙ . බැලින්නම් රිලා මොටෙක් නෙමේනෙ ඉදල තියෙන්නේ . මේ.... අඩන බේබි නෙ. "

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now