chapter 40

457 101 7
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

නෙතූ අක්ක ගොලු වෙලා...... ඒ ඇස් වලින් කදුළු කඩාගෙන වැටුන. ..... ඒත් ...... මම දැන් ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගත්තොත් ජීවිත කාලෙටම මට විතරක් නෙමෙයි ඔයාගෙ මල්ලිටත් විදවන්න වේවි ...... මගෙ ලග තියෙන වටිනම දේ එයාගාව තියල මම ආව....... මම නැතත් ඒදේ හැමදාම උඹට විතරක්ම වෙලා තියේවි රත්තරන්......... ඒ කවදාවත් විදින්න බැරිවුන කියාගන්න බැරි වුන මගෙ ආදරේ........ ගලන්න  හදන කදුළු හදවතේම  ගල්කරගත්ත මන්  වාහනේට නැග්ගෙ ආයෙමත්  එක සැරයක්වත් ඒ පැත්ත නොබලමයි.......... 

*************************************

මෙච්චර වෙලා හිර කරගෙන හිටිය කදුළු එක පෙලට කඩාගෙන වැටෙද්දී මම ෂටර් එකෙන් එලිය බලාගත්ත...... ......ඒ අස්සෙන් ඩ්‍රයිවර් සැරින් සැරේ මන් දිහා බලන් එක එක ඒව ඇහුවා......... මම කොහෙද ඇහුව.....කොහෙටද යන්නේ ඇහුවා. ........ අවසානෙට මගෙම හිතේ ඉතුරු වුනේ එකම එක ප්‍රශ්නයයි....... මම කොහෙද යන්නේ. ......... මහ සාගරයක් වගේ ගෙදරක් තියෙන මම කොහෙ යන්නද කියල මගෙන්ම ඇහුවා. ...... ගෙදර....... මගෙ ජීවිතේ දුක්බර මතකයන්ගෙන් විතරක් පිරැණු තැනක් විතරක් වෙලා........ යන්න පුළුවන්. ...... ඒත් කොහොම ඉන්නද.......... වෙන කොහේ හරි යන්න මට ඕන උනා... .... කවුරැත් නොදන්න මතකයන් නැති තැනකට යන්න මට ඕන උනා. ............ hanthana Holly day resort ....... රත්තරන් පාටට ලොකු අකුරින් ගහල තිබුනු නම හිත යටින් මම ආයෙමත් කියෙව්වා. .......... හන්තාන ........... දවසක ඔයත් එක්කම මට එන්න ඕන උනා.... හැමෝම හරි ආදරණීයයි කියල කියන ඒ හන්තාන ආදරේ විදින ගමන්ම මට බලන්න ඕන උනා...... ඒක එදා මට බලාපොරොත්තුවක්........ ඒත් අද හීනයක් විතරක් වෙලා..... .... රෑම් එකක් බුක් කරගත්ත මම රෑම් එකේ යතුරත් අරගෙන ඇදුම් බෑග්ගයත් අරගෙනම රෑම් එකට ගියා..... . ...... මගෙ සාක්කුවෙ තිබුන පෝන් එක අතට ගත්ත මන් අවසාන වතාවට ලොක් ස්ක්‍රීන් එකේ තිබුන එයාගෙ රෑපෙ දිහා බැලුව. ......
... ....... පෝන් එක ඕෆ් කරල දාල සිම් එකත් ගලවල දැම්ම මම ඇදේ දිගැඇරැන........

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ ....

හිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම් කරේ......

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now