chapter 34

470 112 10
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

මැණික කිය කියා උන්න ඒ කටින්ම මට ආයෙමත් තමුසෙ කියන වචනෙ කීව වගේම    මම  මොකුත් නොකිය උන් තැනම බලන් හිටියා. ...... ඒ වචනෙ තදයි....ඒ උනත්  ඒ වචනෙ ඇතුලෙ තියෙන්නේ මම වෙනුවෙන්  පිරැණු  ආදරේ විතරක්ම වෙද්දී  ඒ කේන්තිය  ඉස්සරහ  මට දැනුනෙත් මහ පුදුමාකාර සැනසීමක්   . .... ඇත්ත...මම කලබලේට  පෝන් එක  දාල ගිහින් ...... මගෙමයි වැරැද්ද. .... .

    "දන්නවද  මම කොච්චර බය උනාද කියල  ...... "


*************************************


"    සොරි. ........ "

    " සොරි කීවම ඔක්කොම හරියනවද ....... දන්නවද මුලු ගේම  පෙරලන්න උඹව  හොයල බැරිම තැන මම යුනිවර්සිටි එකටත් ගියා. ........ එහෙත් නෑ කියල දැනගත්තම යන්න ඕනෙ කොහෙටද කරන්න ඕන මොනාද කියල  මට හිතාගන්න බැරි වුණා සුදු මැණික. ........... මං......මං හිතුවේ. ........... "

   
  " මට සමාවෙන්න. ...... නෙතූ අක්ක  බැන්නද...... ඔයාට.....
මොකද කීවෙ .......... "

    " අක්ක මාව තේරුම් ගත්තා මැණික..... අනිත් හැමෝටම වඩා එයා මන් ගැන හොදට දන්නව. ........ "

    මම කරල තියෙන්නෙ  ලොකු  වැරැද්දක් කියල තේරැනේ ඒ ඇස් වල කදුළු දැක්කම. ...... මට මං ගැනම පසුතැවීමක් ඇති වුණා. ........මම...... මට ආදරේ කරන කෙනෙක්වත් සතුටින් තියාගන්න මට බැරි  මනුස්සයෙක්........

   "   මම..... ගියේ ආච්චි අම්ම දන්න ඉන්ස්පැක්ටර් කෙනෙක් මීට් වෙන්න. ......... "


    "ඉන්ස්පැක්ටර් කෙනෙක්. ..... ඇයි සුදු මැණික  ....... මොකද්ද ප්‍රශ්නෙ. ......?"

  

   හිතේ තියෙන  බර තව කෙනෙක්ට කීවම හිත සැහැල්ලු වෙනවලු.... .. මම මෙච්චර කාලෙකට  ඒක අත්විදල නෑ....මොකද මම කාටවත් මගේ ප්‍රශ්න කියන්න ගියෙ නැති නිසා....... සමහර විට  එහෙම  කෙනෙක් මගෙ ජීවිතේ හිටියෙ නැති නිසා වෙන්න ඇති. ...... ඒත් දැන් . ......තවදුරටත් මේ දේවල්  දරාගන්න මට අමාරැයි මගෙ අම්මෙ  ..... අප්පච්චි  ....... මට හිතෙන්නේ මම  මැරිලා යයි කියල ආචූ. ........ මේ හිත නිදහස් කරගත්තට කමක් නෑනේද ....


Love In My Heart    ( Completed )                           Where stories live. Discover now