chapter 05

739 135 10
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.


බිමට බරකරන් හිටපු මගෙ ඇස් දෙක උස්සල මම බැලුවෙ ඒක කියපු කෙනා දිහා. . පලවෙනි සැරේට මාව දැක්ක ඒ ඇස් දෙක ගැස්සුන . ....

***********************************

ආඩම්බරකාර ඇස් දෙකක් . චුට්ටක් දිගට වවල තිබුණු කොන්ඩෙ ඉස්සරහට වැටෙන්න දාල . ගොඩක් කඩවසම් පෙනුමක් තිබ්බෙ. මොනව වුනත් අකල්ගෙයි ආන්ටිගෙයි අපුරු සංකලනයක් විදිහටයි මට ඒ කොල්ලව පෙනුනෙ. මොකද නෙතූෂා අක්කට තිබුනෙ තනිකරම මාලිනී ආන්ටිගෙ පෙනුම.

පුතා ඒක ගැන දැං හිතන්න ඕන නෑ. මේ ඉන්නේ මගෙ පුතා. .... කවීෂ ඉදුවර සේනානායක. පුතාට වඩා අවුරුදු දෙකකට විතර වැඩිමල්.

අංකල් එහෙම කීවම ඒ කොල්ල ෂේක් හෑන් කරන්න මට අත දික් කරේ රවාගෙනමයි. කවීෂ මම ඒ නම ආයෙමත් හිතින් කිව්ව. ආහ්. ..... මට රිදුන . ඒත් මම ඒක ඇහෙන්න කීවෙ නෑ. මේක ෂේක් හෑන් කරද්දී මගෙ අත තද කරල ඇල්ලුවා. ඊයෙ රෑ වුන දේ නිසා මාත් එක්ක කේන්තියටමද කොහෙද. ඒත් එක්කම මට බැලුනෙ ඊයෙ රෑ මම ගහපු කම්මුල දිහා . ගොඩක් තදට ගැහුවෙ නැතත් ඒ කම්මුල රතු වෙලා . හරියට ජම්බෙ වගේ . මට හිනා යන්න ආවත් අමාරුවෙන් නවත්ත ගත්තා. ඒ වෙනකොට අංකල් එතන හිටියෙ නෑ. මම ආයෙමත් බැලුවෙ මට ඉස්සරහ තිබුණු ඒ ඇස් දිහා. තවමත් මගෙ දිහා රවාගෙන බලන් ඉන්න. මම තවදුටත් ඉන්න ඕන මේ ගෙදරමනෙ ඒ නිසා මට කා එක්කවත් තරහක් තියා ගන්න ඕන වුනේ නෑ .

"Im sorry, කවීෂ අයියා. ......."

මොකුත්ම නොකිය එයා කෑම මේසෙ
පැත්තට ඇවිදන් ගියා.ටික වෙලාවකින්
කිසිම කතාවක් නැතිව breakfast එක ගත්ත මන් කෑම මේසෙන් නැගිටල ඇවිත් ඉස්සරහ තිබ්බ බෙන්ච් එක ලග වාඩිවුනා . මෙතන හරිම නිස්කලංකයි . මගෙ වටේටම ලස්සන මල් ජාති හුගක් තිබුණා. මෙව හිටවන්න ඇත්තෙ මාලනී ඇන්ටි . එයා අද උදේ මල්වලට සාත්තු කරනව මං බලාගෙන. මට මතකයි මගෙ අම්මත් මල් වලට හුගක් ආසයි . වැඩිපුරම පිච්ච මල් වලට හරියට මන් වගේ .ඒ නිසාම ගේ වටේම වැඩිපුරම තිබ්බේ පිච්ච මල් . තාත්තා අම්මට ඒ නිසා පිච්ච කුමාරි කියල නමකුත් දාල තිබ්බේ. මගෙ ඇස් ආයෙමත් කඳුළින් තෙත් වෙද්දී එතනට ආවෙ විමලම්ම . වයස හැටක් හැටපහක් විතරවුණු විමලම්ම කියන්නේ මේ ගෙදර උයන පිහන කෙනා උනත් සුරේන් අංකල්ගේ ෆැමිලි එකේ හැමෝම එයාට පවුලේ කෙනෙක්ට වගේ හොදින් සැලකුව.

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now