chapter 29

511 113 5
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

" කෑම කන්න "

" එපා මට බඩගිනියි නෑ............ "

" උදේට කාලත් නැතුව කොහොමද බඩගිනි නැතිවෙන්නේ "?

"හරි .. එහෙනම් මන් කනව ..... හැබැයි මට කවනවනම් විතරක්. ...... උඹට මට කවන්නවත් බැයිද මැණික. ........... ."

*************************************

එයා මට කවන්න කියනව .....මම දන්නවා දැන් මම කැවුවෙ නැත්තන් කීයටවත් උඹ කන එකක් නෑ.......... එයාට මොකවත්ම නොකීව මම හිටගෙනම බත් එක අනන්න ගත්ත වෙනකොට මන් දැක්ක ඒ ඇස් දෙක දිලිසෙනව ..... උඹට ඔච්චර සතුටු ද රත්තරනෙ. .......

" ආහ්. .......... "

මේක මගෙ අත හැපුවනේ ..... හොද වැඩේ මටත් කවන්න ගියාට .... ..... හොර පූස වගේ බලන හැටි විතරක්....

"සොරි .....ගොඩක් රිදුනද මගෙ මැණිකට ...... හැබැයි මම හිතලමයි හැපුවෙ ..... කවදහරි දවසක ඔය අතින් වෙන කෙනෙක්ට කවන්න ගියොත් උඹට මාව මුලින්ම මතක් වෙයි නේද සුදු මැණික. ..."

අත රිදුනට මොකද මගෙ හිතනම් පිරිල ගිහින් ...... වැඩිම කටවල් පහ හයක් කවන්න හම්බවෙන්න ඇති මට හේෂගෙ කටහඩ ඇහුන. .... .

"කවී අයියා. ..... ඔයා ඉන්නවද. .... අනේ මන්දා කවීෂ අයියත් නෑ....... අනූත් නෑ...."

හේෂ එහා පැත්තෙ දොරගාව ඉදන් කියවනව ....මම ගියෙ දොර අරින්න .....

"ඒයි... කොහෙද යන්නේ. .... "

" දොර අරින්න ..... "


" අරින් නෑ දොර එහෙම. .... කෑගහල කෑගහල එපා වුනාම ගියදෙන් ඔය...... සක්කරවට්ටම. .............. "

" හ්ම්ම්ම්. ......... "

ටික වෙලාවකින් හේෂ යන්න ගියා වෙනකොට මෙච්චර වෙලාවක් කතා බහ නොකර මන් කැව්ව බත් කට විතරක් කෑව එයාගෙ ඇස් දෙකම තෙත් වෙලා තිබුන. .....

"උඹ මට ආදරේ නැති උනත් අඩුම තරමේ මං ඉස්සරහදිවත් වෙන කෙනෙකුට ලං නොවී ඉන්න පුළුවන් ද සුදු මැණික...... කවදාවත් ...... කවමදාවත් උඹගෙ ඔය හිතේ පුංචිම ඉඩක්වත් මං වෙනුවෙන් නැති වෙයි ද ...?"

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now