chapter 16

604 127 13
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.

ඒ දෙන්නම මේ මම වෙනුවෙන් කරපු හැමදේටම හිතින් පින් දෙන ගමන් ... කිචන් එකට ගියෙ විමලඅම්මටත් කෑම මේසෙ අස්කරන්න සපෝට් එකක් දෙන්න හිතන් .. ඒත් කවුරු හරි මගෙ අතින් අල්ල ගත්ත.

*************************************

ඒ කවුද කියල මට අමුතුවෙන් හිතන්න ඕන වුනේ නෑ දැනටමත් මගෙ අතින් අල්ලන් ඉන්නෙ බැල්කනි හොරා කියල මට දැනුන . ඒත් මට ඕන වුනේ මාව නතර කරපු හේතුව දැනගන්න.

"ඔහොම පොඩ්ඩක් ඉන්නවා. මට දෙයක් කියන්න ඕන. "

" මොකද්ද "

" ඩැඩී කිව්වට තමුන්ට මට අයියා කියන්න කියල ......... මම ඒකට කැමති නෑ ........ ඒ හින්ද එහෙම කියල අහුවෙන්ඩ එපා..... "

" හ්ම්. ....."

එයා මන්දිහා බලන් හිටියෙ තව මොනාහරි කියයි කියලා වගේ. ඒත් මට ඒ ඇයි කියලා දැනගන්න ඕන වුනේ නෑ. මොකද මටත් එයාට සහෝදරයෙක්ට වගේ කතාකරන්න ' එයා ගැන එහෙම හිතන්න ඕන වුනේ නෑ හේතුව නොතේරැනත් හැමදාම එයා මට බැල්කනි හොරාම වෙලා ඉන්නවට මම හිතින් ගොඩක් ආස කරා. මම යන්න හැරැනට මොකද මේ මනුස්සයා තාම මගෙ අතින් අල්ලන්. මම ඇස් දෙකෙත් එයාට ඒක පෙන්නුවත්.... ම්හ්ම්. ......... ගානක් නෑ.. තාමත් එහෙමයි.... මොනව වෙලාද මන්ද....

" මිස්ටර්. .... මගෙ........ අත...... "

දැන් නම් එයාට අත දිහා බැලුන වෙනකොට ඉක්මනට මගෙ අත අතහැරිය.

" සොරි....... මට .... අමතකවුනා "

බැල්කනි හොරා මට සොරි කියල කීවත් ඒ බැල්ම තාමත් මන් ගාව රැදිල තිබුණා වෙනකොට එයාට මොකුත්ම නොකියපු මම මගෙ රෑම් එකට ආව. මම මෙහෙට ඇවිත් දැන් සති දෙකකට කිට්ටුයි. ........ ඒත් තාමත් මට මගෙ හිත හදාගන්න ආමාරැයි..... මන් දන්නව ආන්ටි අන්කලුයි මට එයාලගෙම දරුවෙකුට වගේ ආදරෙයි කියල ඒත් ...... ඒත් ඒ මගෙ අම්මවත් අප්පච්චිවත් නෙමෙයි කියන එක මගෙ හිත හොදටම දන්නව. අන්තිමේට ඒ දෙන්නගෙම ආදරේ මට මෙච්චර කල් දුන්න මගෙ ආචු ත් මාව දාල ගියානෙ. ආචු I miss you so much....... . මොනා කරන්නද කියලා හිත හිතා හිටිය මට ඩයරි එක ලියන්න හිතුනා. ඒකත් ඉතින් මගෙ ආචුගෙන් පුරැදු උනෙ. මම හරියටම අවසාන වතාවට ඩයරි එක ලීවෙ මෙහෙට එන්න කලින් දවසේ රෑ. ඊට පස්සේ මම ඒක නිකමටවත් එලියට ගත්තෙ නැතිවෙනකොට මම ඩයරි එක හොයන්න ගත්ත. ඒක නෑ........... බලන්න පුළුවන් හැමතැනම හෙව්වා උනත් ඒක හම්බ නොවිච්ච තැන මට ආව කේන්තියටම මම පුටුවට පයින් ගැහුවා. ආහ් ........ ඒකෙන් රිදුනෙත් මට ...... කකුලත් අල්ලන් ඇදෙන් ඉදගෙන උනත් මම කල්පනාකරේ කාටද මගෙ ඩයරි එක ඕනෙ කියල. මගෙ හිතේ තියෙන දුක සතුට මේ හැගීම් සේරම මම ඩයරි එකේ අකුරැ වලට පෙරලල ඇති . මගෙ හැගිම් කියවන්න කාටද ඕනෙ වුනේ.......... කාගෙවත් දේවල් හොරෙන් ගන්න එක මට පුන්චි කාලෙ ඉදලම පේන්න බැරි දෙයක් ...........මට ආවෙ මාරම තරහක් ඒ ගැන. . .. මගෙ ඩයරිය ගැන අහන්න හිතන් මම නොන්ඩි ගගහම පහලට ගියා..

" කකුලට මොකද වුනේ. ......... "

ඒ බැල්කනි හොරා ..... එයා ඒක ඇහුවෙනම් ටිකක් කලබලෙන්.............


" ඇහුන් නැද්ද මම අහපු දේ ..... කකුලට මොකද වුනේ කියනව ...... "

හහ්...... මේ මනුස්සයාට තද වුණා කියල මට මොකෝ .... අනික මෙයා අහන දේට උත්තර දෙන්න මම බැදිල ඉන්නවයැ ... ආන්ටිගෙන් ඇහුවනම් හරි ඩයරිය ගැන ............

"මම අහපු දේටත් උත්තර නොදී. ....... තමුන් දැන් ආයෙමත් නොන්ඩි ගගහ යන්නෙ කොහෙද කියනව "

" ආන්ටි කොහෙද. .......... ....... "

" මමී ............ සුපර්මාකට් ගියා...."

" එතකොට .....නෙතූ. ...... අක්ක......."


"අක්කා ලෙක්චර්ස් වලට ගියා..... ඩැඩී ඔෆිස් ගියා...... විමල අම්මා කිචන් එකේ........ දැන් හරිද......?


අන්තිම වචන ටික බර කරල එයා මගෙන් ඇහුවා. .... මොනා වුනත් මම ඊලගට අහන්න හිටිය ප්‍රශ්න වලට කලින්ම උත්තර ලැබුන.

"උත්තර ලැබුනනෙ දැන් කියනවා ඉතින් මොකද කකුලට උනේ... "

" මොකුත් උනේ නැහ් ....... ඒක එච්චර ගානක් නෑ.....මට ඒක බලාගන්න පුලුවන්. ........ අනික ඒක තමුන්ට වැඩක් නෑනෙ .......... "


      "මට වැඩක් නෑ ........ "

      ආහ්........ මේ මනුස්සයා එතනම තිබුන සෝෆා පුටුවට මාව තල්ලු කරා.... ඒ ඇස් නම් කේන්තියෙන් පුපුරනව ........ ඒ තරම්ම කේන්තියන්න මම මොනාද මේ මනුස්සයාට කරේ....

   

      " මට වැඩක් ......තියෙනවා. ..... මෙන්න මෙතනින් තියනව බලන්න ඔය කකුල ....... "

      මගෙ කකුල එතන තිබුන ටේබල් එක උඩින් තියන්න කීවට මොකෝ ....... එයාම බලෙන් තියල මගෙ ඩෙනිම් කලිසම ටිකක් උඩට කරා.... ආහ් .....

" මොකද දැන් කෙදිරි ගාන්නෙ ...... .ගානක් නෑ කීවෙ....... බලනව රතු වෙලා........ ඔහොම ඉන්නව මම බාම් එක අරන් එනකන්......"

හරියට එයාගෙ කකුල වගේ නිකන් කතාව..... ඇත්තටම රතු වෙලා පුටුවට ගහපු පාරට පොඩ්ඩක් ඉදිමිලත් එක්ක ...... මම හිටියෙ ඩයරි එකේ සිහියෙන් නිසා මට ගානක් ගියෙම නෑ. .....

*************************************

😊 කතාව  ටිකක්  දෙන්න පරක්කු වෙයි .... හොදේ ..... මේ දවස්වල. ..

😁 එයාල දෙන්නගෙ ආදර කතාව ඉක්මනට පටන් ගත්තේ නැතිවට අවුලක් නෑනේ. .... ඒකට  තව චැපි හතර පහක්වත් යයි.

   😁 මම කැමතිම ටිකක්  පහුවෙලා ආදරේ ප්‍රකාශ කරන loves story වලට  ඉතින් මේකත් ඒවගේ ........

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now