chapter 26

523 121 17
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.


කෝල් එක කනේ ගහගෙනම එයා ඔන් කරන්නම් කියල නෙතූ අක්කට කෑ ගැහුවා ..... ආයෙමත් පෝන් එක අතට අරගෙන ස්පීකර් එකත් ඔන් කරල මට දුන්න. ....

"චූටි. ...... නොකිය ආවට තරහ නෑනේ ....... . .ඔන්න ඔය පිස්සට කියන්න මට පුප්පන්න එපා කියලා. .... මගෙ විතරක් නෙමේ එයාගෙ future වයිෆුත් එනව කියන්න......"


*************************************

ඒ දේ ඇහුන ගමන් මගෙ අතේ තිබ්බ පෝන් එක උදුර ගත්ත බැල්කනි හොරා ඒකත් කනේ ගහගෙන යන්න ගියා වෙනකොට නෙතූ අක්කගෙ වචන මතක්වෙද්දි මගෙ හිත ගිනිගොඩක් මැද පිච්චෙනව වගේ හැඟීමක් දැනුන. ....

නින්දත් නොනින්දත් අතර කල්පනාවක වැටිල හිටිය මං කා එකේ සද්දෙට බැල්කනි එකට ගියා. .............. ඇවිත් හිටියෙ අංකලුයි ආන්ටියි එක කා එකකින් බහිද්දී අනික් එකෙන් බැස්සේ නෙතූ අක්කයි. ....තවත් තරැණ කොල්ලෙකුයි ..... කොට ගවුමක් ඇදගත්ත කෙල්ලෙකුයි........

නෙතූ අක්කත් එක්ක ඉන්නෙ මං හිතන්නේ එයා බදින්න ඉන්න කේශාන් අයියා. ..... එතකොට අර භාගෙට ගවුම් කොටයක් ඇදන් ඉන්න කෙල්ල වෙන්න ඇති බැල්කනි හොරාගෙ ෆියුචර් වයිෆ් කියල නෙතූ අක්කා කීවෙ. ........ ඇත්තටම ද නෙතූ අක්කා එහෙම කීවෙ නැත්තන් විහිලුවටද ......... ඒ කෙල්ල දුවගෙන ඇවිත් බැල්කනි හොරාගෙ කරේ එල්ලුනා වෙද්දී ඒ දිහා මම බලන්න ඉන්න ඉන්න මට දැනුනේ මහ දුකක් හරියට මගේ දෙයක් හොරැ අරගත්ත වගේ...... දැනුන. ...... ..... කොහොමත් පහලටම යන්න කිසිම අදහසක් නෑ මට ........ නිකං ඉන්න කම්මැලියි.... ඊයෙ රෑ පිස්සු නටල එහෙමම පිස්සන්කොටුවක් වගේ වෙලා තිබුන මගෙ රෑම් එක ආයෙමත් තිබුන විදිහටම පිලිවෙලට තිබ්බ. ..... හිතන්න දෙයක් නෑ මං දන්නව මේක බැල්කනි හොරාගෙ වැඩක් ...... නෑනෙ ඩයරි හොරා..... මේක හොරකම් කරන්න නම් හොදට දන්නව. ..... එක එක දේවල් හිත හිතා හිටිය උනත් මටත් නොදැනිම මගෙ හිත ආයෙමත් බැල්කනි හොරා ලග නැවතිල තිබුන...........

ලන්ච් එකටවත් රෑම් එකෙන් එලියට නොගිය මම විමල අම්ම අතේ බැල්කනි හොරා එවල තිබුන කෑම එකෙනුත් කටක් දෙකක් කාල ආයෙමත් ඇදට උනා........ හිතන්න දේවල් ගොඩයි ඒත් අගක් මුලක් නැතුව කොහොමද මම අම්ම අප්පච්චිගෙ මිනීමරුව හොයාගන්නෙ ඇත්ත යට ගහල හංගන්න හැරි දෙයක් කීවට මෙච්චර කාලෙකට කොහොමද මේ ඇත්ත හැංගිලා තිබ්බේ. .... මුං ඔක්කොම සල්ලි වලට යටයි..... නැත්තන් මගෙ අම්ම අප්පච්චිගෙ මිනීමරුව මේ වෙද්දි දඩුවම් විදින්න ඕන නේද ... ඒත් එහෙම උනේ නැ...... මේ පැය ගානටම මම හිතුවෙ අම්ම අප්පච්චිගෙ මිනීමරුව හොයාගන්නෙ කොහොමද කියල වෙනකොට නොදැනිම කාලය ගොඩක් ගිහින්. ......... ඩිනර් එකටවත් රෑම් එකෙන් එලියට යන්න හිතුන් නැතිනිසාම මම තවත් ඇදටම ගුලිවුනා. .....

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now