chapter 06

687 133 17
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.

අඩන බේබි .....කවුද දන්නෑ අඩන බේබි..... ඊයෙ තවටිකක් හයියෙන් ගහන්න තිබ්බේ කට ඇදවෙලාම යන්න ... මම බැල්කනි හොරාට බැන බැනම අංකල් ලගට යන්න ගියා.

*************************************

මම කාමරේට ආවෙ අංකල්වත් මීට් වෙල. පාලුයි යුනිවර්සිටි යන්නත් තව මාස ගාණක්ම තිබුණා. මට එකසැරේම මතක් වුනේ මගෙ හොදම යාලුවව . එයාට ඇවිදින්න, කතාකරන්න බැරි වුනත් ගොඩක් වෙලාවට එයා මගෙ දුක නිවුව. මම ඇද ලග තිබුණු ටේබල් එකේ වම් සයිඩ් එකට වෙන්න තියල තිබ්බ බොක්ස් එක ඇරියා . එයා තාමත් ඒ වගේමයි. එයාටත් දැන් අවුරුදු දහයකට විතර කිට්ටුයි. මම එහෙම හිතුවෙ මගේ වටිනාම වස්තු දෙකෙන් එකක් වුණු flute එක අතට ගන්න ගමන්. ඔව් flute එක, එයා තමා මගෙ හොදම, ඒවගේම එකම යාලුව . මගේ අම්මයි අප්පච්චියි නැති වෙලා අවුරුදු දෙක තුනකට විතර පස්සේ ආච්චි අම්ම මට දුන්නු තෑග්ග. මුලින්ම ඒක මම ප්ලේ කරද්දි ඇහුනු චුරැ චුරැව දැන් නෑ. මොකද මට දැන් හොදට ඒක ප්ලේ කරන්න පුළුවන් . Flute එකත් අරගෙන මම කෙලින්ම ගියේ බැල්කනි එකට. හුග කාලෙකට පස්සේ මම ඒක ප්ලේ කරන්න ගත්තෙ හිත ටිකක් සන්සුන් කරගන්න හිතාන. වැඩිම විනාඩි දහයක් පහළොවක් විතරක් යන්ඩ ඇති නෙතූ අක්කා මගෙ නම කිය කියා ඇවිත් කාමරෙන් ඇතුලට ඔලුව දැම්ම.

"මැනස් එහෙම නෑ කියලා හිතන්න එපා හොදේ. . දොර බාගෙට ඇරල තිබ්බ නිසා කෙලින්ම ආව. ඒ මොනව උනත් ලස්සනයි හෙලෝ..."

"මොනාද නෙතූ අක්කෙ "

"ඇයි අයියො , දැන් ප්ලේ කරකර
හිටපු සින්දුව. ..... ඇත්තටම ලස්සනයි . මල්ලි music ද කලේ ඒ ලෙවල් වලට?"

"....ම්... හ්ම්ම් නෑ . මේක පලුවන් උනාට හැම instruments එකක්ම බෑ මට "

"සුදු බෝලෙ නම් ආසම music instruments එක ඕක.... "

" සුදු බෝලෙ ..... ඒ කවුද ඒ"

බල්ලෙක් වත්ද . මම ඉක්මනට ඇහුවෙ බල්ලෙක් වත් ඉන්නවද කියලා දැනගන්න. මොකද මම බල්ලන්ට හෙනට බයයි . ඒත් මම තවම බල්ලෙක් නම් මෙහ ඉන්නවා දැක්කෙ නෑ.

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now