chapter 38

444 116 20
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.


කවදාවත් දැකල නැති අංකල්ගේ  කදුළු  ඒ ඇස් දෙකෙන්  කඩාගෙන වැටෙද්දී  නොවෙන්න ඕන දෙයක් සිද්ධ වෙලා කියල මට දැනුන. ...... ඒත් ඒ දේ මම හිතන දේනම්..... එහෙම උනොත් මම  මොකද කරන්නේ දෙවියනේ..... හිතට දැනෙන  ගැස්මත් එක්කම  අමාරුවෙන්  උනත් මම වචන ගැටගහගන්න උත්සාහ කරා.....

   "අං...කල්.....ඔයා....මොනව.....ගැනද.....මේ........කියන්නෙ..... "
.

*************************************

" මගේකගෙ හිතේ උඹ ගැන තියෙන්නේ සහෝදරයෙක්ට එහා ගිය දෙයක් කියන්න මම දන්නවා. .... ඌ උඹට ආදරේ කරනව දරැවො . ..... මම උගෙ තාත්තා දරැවො. .....තමන්ගෙ ම ලමයගෙ වෙනස අදුනගන්න බැරිවෙන තරම් නරක තාත්තා කෙනෙක් නෙමේ මම....... පුංචි කාලෙ ඉදන් උගේ අම්මටත් වඩා හොදට මම ඌ ගැන දන්නව දරැවො ....... .. ....... ........ ඊයෙ ඒක හැමදේම දාල කඩා බිදගෙන ගෙදර ආවෙ උඹව බලන්න කියලත් මම දන්නවා....... "


මගෙ මුළු හිතම කඩාගෙන වැටුන ....... ඊටත් වඩා මගෙ හිත බයෙන් ගැහුන..... ඇත්තටම ආදරයක් ඉස්සරහදි එන ඕන බාදකේට මුහුණ දෙන්නව කියල හිතන් උන්න කී දෙනෙක්ගෙ ජීවිත ඒ ප්‍රශ්නවලට කඩන් වැටෙන්න ඇත්ද..... ඒත් ඒ කිසිම ආදර කතාවට අසම්මතයකදි තරම් ප්‍රශ්න එන්නේ නැතිව ඇති. .... . ... ....... මට බයයි ...... මගෙ ආදරේ මගෙම වෙන්න කලින් නැතිකරගන්න මම බයයි..... මගෙ ආදරේ උපන්ගෙයිම මරල දාන්න හදන අතදරැවෙක් ගානට වැටිල උන්න ..... .... ...අවසානෙ කතා කරන්න බැරිව ගොලුවෙලා උන්න මන් අමාරැවෙන් අකුරු ඇහින්ද.......

" අං.....ක...ල් .... "

සුරේන් අංකල්ගෙන් මම බලාපොරොත්තු වුනේ මේ වගේ අසරණ හැගීමක් නොවුන තැන ඒ කේන්තිය මගෙන් පිටකරනකන් මම බලන් උන්න. ........මට නියපිටින්පාරක් නොගහපු සුරේන් අංකල් එයාටම දොස් පවර ගත්න හැටි බොදවුණු ඇස් වලින් මම බලන් උන්න . ........ ......

" මට මන් ගැනම ලැජ්ජයි.....තාත්තා කෙනෙක් විදියට මම මගෙ දරැවො ගැන හොයල බැලුව මදි..... එහෙම නොවෙන්න අද මේ වගේ තත්වයකට මූණ නොදෙන්න ඉඩ තිබුණා. ....දන්නවද දරැවො කවදාවත් මම හිතුවෙ නෑ මගේකගෙ හිතේ පිරිමියෙක් වෙනුවෙන් ආදරයක් ඇති වේවි කියලා. ........ තාත්තා කෙනෙක් විදියට මමත් ආස නැද්ද මගේකගෙම ලෙයින් උපන් දරැවෙක්ට සීය කෙනෙක් වෙන්න. ....... උඹල දෙන්න එකතු වෙලා කොහොමද දරැවෙක් හදන්නේ කියපල්ල ....... . ........ පිරිමි පිරිමි එකතු වෙලා මොනා කරන්නද කියපන්.......උඹල දෙන්නට සිද්ධ වෙන්නෙ සමාජෙන්ම කොන් වෙන්න....... උන් උඹලට ජරා කතා හදාවි......
මගෙ කොල්ලත් උන් ඉස්සරහ අහන්න පුලුවන් හැම බලු බැනුමක්ම අහවි......විදින්න පුලුවන් උපරිමේටම ඌ නින්දා අපහස විදීවි .......තනිකරම උගෙ ජීවිතේ අපායක් වේව්..... ඒකගෙ තාත්තා විදියට මට මේ හැමදෙයක්ම දිහා ඇහැකන පියාගෙන බලාගෙන ඉන්න පුළුවන් ද කියපන් දරැවො. .......මේ වගේ දෙයක් දැන දැනම තමන්ගේ දරැවට වෙන්න දෙන්නෙ මොන තාත්ත ද කියාපන්.... මම කියන දේ අසාධාරණද....... "


Love In My Heart    ( Completed )                           Where stories live. Discover now