chapter 42

471 104 14
                                    

මෙය මාගේ. පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.


එක වචනයක් නෙමේ වචන සිය ගානක් කතා කරන්න තරම් මේ හිත පිරිල තිබුනත් ඒ එක වචනයක්වත් එයාට නොදුන්න මම අහන් හිටිය....... ඇත්ත තමයි මගෙ ලග උඹට කතා කරන්න තරම් ශක්තියක් නෑ කියන එක..... මට බයයි එක වචනයක් කියන්න ගිහින් හිතේ තියෙන හැමදේම මගෙන් ඉබේටම කියවෙයි කියල........

"හොදයි.....මැණික. ..... උඹ කතා කරන්න එපා ...අඩුම තර....මේ මන් කියන එක අහන් ඉදපන්...... "

*************************************

"උඹ හොදින් නේද. .. උඹ ලියුමෙ ලියල තිබ්බ විදියට උඹ ආදරේ කරන කෙනෙක් හම්බවුණාද...... කියපන්.... එහෙම කෙනෙක් ඉන්නව ද...... මම අවසාන වතාවට උඹගෙන් ඉල්ලන්නෙ එකම එක දෙයයි..... මට ඇත්ත කියපන් සුදුමැනික. ...... උඹ ආදරේ කරන කෙනෙක් ඉන්නවද........."

" ඔව්. ........ "

ඒක එයා බලාපොරොත්තු උන උත්තරේ නොවෙන්න ඇති..... ඒත් මට දෙන්න තියෙන එකම උත්තරේ ඒක විතරමයි. ........ මට ඇහුන එයාගෙන් පුංචි ඉකියක් පිටවෙනව...... එයා අඩනව.......... මාත් අඩනව..... ...... ඔය ඇස් වලින් වැටෙන කදුළු වල අවසානෙ මේක වෙන්න ඕන ....රත්තරන්. ....

"ගිය තැ...නක පරිස්...සම...ට ඉදපන්.....මැණික. ...... උඹ ආදරේ කරන කෙනත් එක්ක ස..තු..ටි...න් ඉදපන්......."

"ඔයත්..... සතුටින් ඉන්න. ....... "

එච්චරයි.....එයාගෙයි මගෙයි අවසන් වචන ටික....මන් .දන්නෑ එයා කට් කරාද මම කරාද කියල ඒ උනාට අදින් පස්සේ ඒ කටහඩ ඒ රෑපෙ මට විදින්න දකින්න නොලැබේවි......මට දැනුනෙ මම නිකන් මැරැණ මිනිහෙක් වගේ. ...... මට හරිම හිස් බවක් දැනුන. ....... ජීවිතේ අවසාන හුස්ම අතඅරින්න හදන මිනිහෙක්. ......

*************

" හෙලෝ.... එස් එස් පී වික්‍රම හියර්...... "

" හෙලෝ අංකල්.....මේ.....මම..... අනුහස්. ......"

" පුතා. ...... මෙච්චර දවසක් මොකද වුනේ. ...... මම කෝල් කරා ....බැරිම තැන මම මිස්ටර් සුරේන්ගෙ ගෙදරත් ගියා....එයාල කීව ඔයා ගෙදරින් ගියා කියල. ....... මොකක් හරි ප්‍රශ්නයක් වුනාද...... "

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now