chapter 43

473 104 9
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

ඒ පුංචි ඇස් තරැ වගේ දිලිසුන..... කතා කරන ඇස් දෙකක්.....එයා ඔලුව වැනුව මාත් එක්ක හිනාවෙලා ඔලුව වැනුව. .... ...... දුක්කන්දරක් මැද්දේ උන්න මන් අවසානෙ පොඩි එකෙක් ගානට වැටුන...... පුංචි එකෙක් ගානට වැටිල සෙල්ලම් කරා..... අපි වැලි මාලිගා හැදුව.... බෝල ගැහැව්ව... සිප්පි ඇහින්ද. ...... ..... වැල්ලෙ බට්ටො පැන්න. ...... අවසානෙ මම එන්න ආව. ..... ඒ පුංචි අතට මගෙ පර්ස් එකේ තිබුන දාහෙ කොල ටික මිටි මෙලෙව්ව මන් ඒ පුංචි මූණ ඉඹල එන්න ආව..... මම හදවතින්ම ඒ පොඩි එකාට පින් දුන්න ........පොඩි වෙලාවකට හරි මගෙ හිත සැනසුවාට......... ඒවගේම ලබන ආත්මෙ හරි ඒ පුංචි  කටට හඩක් ලැබෙන්න පැතුව.....

*************************************

ඔලුව කැක්කුම ඉවසන්නම බැරි තැන පෙනඩෝල් පෙති දෙකක් අතට ගත්ත මන් හිස් බඩ පිටින්ම ඒක බීල දැම්ම . ..... දැං කවුරැ කියල නම් මගෙ බෙහෙත් බිවිල්ල හොයන්න ද..... කෝල් එකක්. ....

"හෙලෝ අංකල් ..... "

" හෙලෝ පුතා. ...මම ගේට් එක ගාව දැන්..... "

" හරි ඉන්න අංකල් මම එන්නම්. ....."


"අංකල් ඉදගන්න..... "

" හරි පුතා..... මම හිතන්නෑ පුතා වැඩි කල් මෙතන ඉන්න එක හොදයි කියලා. ... මොකද උන් මේ තැන ගැන දැනටමත් දන්නවනෙ...... "

" හ්ම්ම්ම් අංකල් මේක බලන්නකෝ. ..... "

මම ලැප් එකේ තිබුන වීඩියෝ එක ඔන් කරල අංකල් ඉන්න පැත්තට හැරෙව්ව.... ..... මන් බලාගෙන ඒ මූණෙ ඉරියව් ටිකෙන් ටික වෙනස් වුනා. .....

" පුතා.... මේ සාක්ෂිය හොදටම ඇති මිනිහව හිරේ දාන්න. ..... "

"අංකල්.... ඊට කලින් මට කියන්න දෙයක් තියෙනව. ........ "

" මොකද්ද පුතා ...... "

" මේ වීඩියෝ එක මීඩියා වලට රිලීස් කරන්න ඕන..... ඒකත් අද රෑම ..... "

" මීඩියා වලට.... ඒත් ඇයි පුතා. ... "

" ඒකෙන් මේ සාක්ෂිය හංගන්න බැරි වේවි..... මේ රටේ ඇමතියෙක්ට තියෙන බලය ගැන අංකල් හොදටම දන්නවනෙ. ...... ඊටත් අංකල්ගේ ජීවිතේටත් මේක රිස්ක් එකක්. ...අංකල් මට සපෝට් කරාට අංකල්ටත් ඉහලින් ඉන්න අය ගැන විශ්වාස කරන්න අමාරැයි නේද........ එහෙම නොවෙන්න අංකල්ට මහනුවරට ටාන්සර් එකක් ලැබෙන්න විදියක් නෑනෙ......."

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now