Chapter 1: A marriage for appearance

1.5K 221 24
                                    

"මන් හිතනවා ඔයාට හැමදේම පැහැදිලියි කියලා." Ms.Ten සිනාසෙමින් දෑත් පපුව මත බැද ගත්තා.

"ඔයාට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන්මම අහන්න. මෙතන අපි හැමෝම එක පවුලක් වගේ වැඩ කරන්නේ."

"ඇත්තටම ගොඩක් ස්තූතියි. මන් මගේ උපරිමයෙන් වැඩ කරන්නම්." එම තරුනයා ඇයට ආචාර කරා.

"හොදයි එහෙනම්. ඔයා දැන් හැමදේම දන්න නිසා ඔයාට ඔයාගේ සීට් එකට ගිහින් වැඩ පටන් ගන්න පුලුවන්." ඇය කරුනාවන්ත ලෙස සිනාසුනා.

"Miss Ten!" වැඩ කරන වෙනත් තරුනියක් ඒ මොහොතේ ඇය වෙත කලබලයෙන් දුවගෙන ආවා.

"මොකක්ද ප්‍රශ්නේ ජෙනී?"

"Reception එකේ අය දැකලා බොස් ලිෆ්ට් එකේ උඩට එනවා."

"Thank you මට ඒ ගැන කිව්වට ජෙනී." Ten ඇගේ උරහිසට තට්ටුවක් දැම්මා.

"යන්න ගිහින් බොස්ගේ කෝපි එකයි අනිත් රිපෝට්ස් ටිකයි එයාගේ මේසේ උඩින් ගිහින් තියන්න. මම ටිකකින් එන්නම්."

"හරි." එම තරුනිය ආ ලෙසින්ම කලබයෙන් නැවත දිව ගියා.

"මිස් මට අහන්න දෙයක් තියෙනවා."
අලුතින් ආපු තරුනයාගෙ මූනේ තිබුනේ ඔහු බිය වුන බවක්.

"අහන්න." ඇය හිසවැනුවා.

"අපේ බොස්. එයා ගොඩක් strict ද? එයත් එක්ක වැඩ කරද්දී මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ?"

"බය වෙන්න එපා. අපේ බොස් පොඩ්ඩක් strict තමයි. හැබැයි එයා පොඩ්ඩක්වත් inflexible නෑ. එයාට ඕනේ එකම දේ වැඩේ හරියට වෙන එක. එයා එයාගේ සේවකයින්ට හොදට සලකනවා. හැබැයි බිස්නස් එකක් කියන්නේ ගොඩක් තරගකාරී දෙයක් වගේම සමහර වෙලාවකට භයානක දෙයක්. එයා ඒ හැමදේම දරාගෙන අද මේ තැනට ඇවිත් ඉන්නේ. මේ වෙද්දී එයා එයාගේ අයියලවත් පාස් කරලා ඉවරයි." Ten මෘදුව හිනාවුනා.

"Hey බය වෙන්න එපා. මන් ඔයාට රහසක් කියන්නම්. එයාගේ ඔය උඩින් පේන සීතල නපුරු පෙනුමට රැවටෙන්න එපා. ඒකෙ ඇතුලේ හැංගිලා ඉන්නේ හරිම හොද මනුස්සයෙක්. ඒ හින්දා කිසිදේකට බය වෙන්න එපා." ඇය නැවත පැවසුවා.

"හොදයි." අලුත් සේවකයා තරමක් සංසුන් උනා. ඒත් එක්කම වගේ විදුලි සෝපානයේ දොර ඇරුනා.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now