Chapter 11: Family Trip

650 177 75
                                    

පැය කිහිපයක ගමනාන්‍තයකට පස්සේ කට්ටියම එයාලා බුක් කරපු හොටෙල් එකට ආවා.

ඒ හොටෙල් එක යීබො යටතේ තියෙන එකක්. ඒ නිසා එයා තමයි හැමෝටම රූම්ස් ලැහැත්ති කරන එක, party එකේ decorations ටික වගේම guests ලව පිලිගන්න එක භාරව හිටියේ.

හොටෙල් එක සුපිරියටම සරසලා තිබුනා වගේම හොටෙල් එක පුරාම ආවේ හරිම සුවදවත් aroma එකක්. හොටෙල් එකේ වැඩ කරන සේවකයින් හැමෝවම පිලිගෙන එයාලගේ රූම්ස් වලට කට්ටිය අරන් ගියා.

"යීබෝ.." ලයිලා එයාගේ අතට key card එක දුන්නා. "මේ ඔයාගේ රූම් එක. හැමදේම ලැහැත්ති."

"Thank you හැමදේම හරියට තියෙනවා නේද?" ඒත් එක්කම එයා ගැස්සිලා ගියේ කවුරු හරි පිටිපස්සෙන් ඇවිත් එයාගේ key card එක උදුර ගන්නවා දැනිලා.

"මේක ඔයාගේ රූම් එකද?" Mr Wang card එක දිහා බලලා ඇහුවා.

"ඔව් පපා මන් පුතත් එක්ක ඉන්නේ."

"එතකොට ඔයාගේ husband?" Mr Wang ඇහි බැමක් එසෙව්වා.

"Young master He ට දැනටමත් රූම් එකක් දීලා තියෙන්නේ." ලයිලා පරිස්සමින් කිව්වා.

"ඔව් එහෙම වෙන්න එපැයි. ඔයා මගේ බෑනා එක්ක එක රූම් එකක ඉන්න ඕනේ." Mr Wang තදින් කිව්වා.

"පපා!" යීබෝ සුසුමක් හෙලුවා.

"මොකක් හරි ප්‍රශ්නයක්ද?" ඔහු යීබො දිහා තර්ජනාත්මක විදියට බැලුවා.

"මන් හිතන්නේ සීන්ට ඒක uncomfortable වෙයි. රූම් එකේ තියෙන්නේ එක ඇදයි. මාත් එක්ක මගේ පුතත් ඉන්නවනේ."

"මන් හිතන්නේ Tiantian ව assign කරන්න භාර දීලා තිබ්බේ දරුවන්ට වෙන්වුන රූම් එක්කට. එහෙම නෙවෙයිද?" Mr Wang ලයිලා දිහා රවලා බැලුවා.

"ඔ..ඔව්.." ලයිලා ගොත ගැහුවා. "ඒ වගේ රූම්ස් 4ක් ලැහැත්ති කරා පොඩි දරුවන්ටම හදපු. එයාලට සෙල්ලම් කරන්න වගේම විනෝද වෙන්න පුලුවන් විදියට. පොඩි ඇදවල් තියෙන.."

"ඉතින් මට තේරෙන් නෑ මගේ මුනුබුරා විතරක් ඔයාගේ රූම් එකේ ඉන්නේ ඇයි කියලා. එයා එයාලගේ cousins ලා එක්ක ඉදී."

"පපා..

"ඒක දැනටමත් තීරණය කරලා ඉවරයි. ලමයි ඉන්න ඕනේ ලමයි එක්ක එතකොට එයාලට විනෝද වෙන්න පුලුවන්. එයාලව බලා ගන්න එයාලගේ නැනීලා ඉන්නවනේ. අනික Tiantian ආසම එයාගේ කසින්ස්ලා එක්ක ඉන්න. එයාලා හම්බෙන්නෙත් කාලෙකින්නේ." ඔහු යීබොගේ උරහිසට තට්ටු කරා.
"එයාට විනෝද වෙන්න දෙන්න. ඔයා ඔයා ගැන බලා ගන්න. මන් මේ card එක අරන් යනවා. මට එක පාරට මතක් උනා තව කෙනෙක් ඉන්නවා කියලා අපි රූම් එකක් දෙන්න ඕනේ."

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now