Chapter 29: In Evidence

656 181 70
                                    

Sunan චාන්ගේ මුවින් පිටවෙන වචනයක් වචනයක් ගානේ සද්ද නැතුව අහන් හිටියා. එයාට හිතා ගන්න බැරි උනා He Sean නිසා චාන්ට වෙලා තියෙන දේ. අවුරුදු 4ක් චාන් නොසෑහෙන්න දුක් විදලා ඒකත් තනියම. Sunan ට හිතා ගන්න බෑ චාන් තනියම මෙච්චර දේකට මුහුන දීලා කියලා. Sunan ට කතාව අහන් ඉද්දි ලොකු distress එකක් ඇති උනා වගේම එයා ගැනම ලොකු තරහක් ඇති උනා. එයා දිගටම චාන්ව කොහොම හරි බලා ගත්තා නම් චාන්ටවත් එයාගේ අම්මටවත් මෙහෙම දෙයක් නොවෙන්න ඉඩ තිබුනා.

ඒත් එහෙමයි කියලා Sunan ට එයාගේ දෙමව්පියන්ට බනින්නත් බෑ. මොකද ඒ කාලේ තමයි එයාලත් අන්තෙටම වැටුන කාලේ. එයාගේ අයියට lung cancer එකක් හැදිලා එයාව හොද කරගන්න ලොකු කට්ටක් කන්න උනා. එයාව හොද කරගන්න ඕනේ නිසා එයාලට රට පවා අත ඇරලා ගිහින් අයියට බෙහෙත් කරන්න උනා. ඒ අස්සේ එයාලගෙ company එක bankrupt වෙන්නත් ආවා. ඊට පස්සෙ එයාලට අද company එක තියෙන තත්වෙට ගේන්න ලොකු උත්සහායක් ගන්න උනා. ඒත් දැන් Sunan ට චාන් කියන ඒවා ඇහෙද්දී එයා දහස් වාරයක් පසු තැවුනා චාන් වගේම එයාගේ අම්මා ගැන කිසිම දෙයක් හොයා ගන්න බැරි උන එක ගැන. එයාට ඊට වඩා උත්සහා කරලා චාන්ලා ගැන මොකක්ම හරි විදියකින් හොයලා බලන්න තිබුනා.

"ඕක තමයි මගේ කතාව." චාන් දුකින් හිනාවුනා. "මන් දන්නවා මන් කරන්නේ ලොකු වැරැද්දක් කියලා. වෙන කෙනෙක්ගේ තැනක් අරන් මගෙ වටේ ඉන්න අයව රවට්ටනවා. ඒත් මට මගේ පුතා ලග ටික කාලෙකට හරි ඒ නිසා ඉන්න ලැබෙනවා නම් මන් ඒක දහස් වතාවක් උනත් කරනවා. මට අම්මත් නැති උනාට පස්සේ මේ ලෝකේ මගේ කියලා ඉන්නේ මගේ දරුවා විතරයි. ඉතින් කියන්න මගේ ලමයා නිසා මන් එහෙම කරන එක selfish දෙයක්ද?" චාන්ගේ කොපුල් දිගේ කදුලු බේරුනා.

"...."

"ඔයත් දැන් මට වෛර කරනවා ඇති නේද? මන් ගොඩක් selfish නිසා?" චාන් Sunan මොනවා හරි කියනකන් බලන් හිටියා.

චාන් කොච්චර වෙලා බලන් හිටියත් Sunan ගේ මුවින් වචනයක්වත් පිටවුනේ නෑ. Sunan අඩු ගානේ ඇහිපිල්ලමක්වත් ගැහුවේ නෑ. චාන්ට හිතුනා Sunan ගෙන් කිසිම reply එකක් නැති කොට Sunan එයා ගැන කලකිරිලා කියලා. මොකද Sunan දැනන් හිටපු චාන් මේ වගේ වංචා කරන කෙනෙක් නෙවෙයි.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now