Chapter 44: A New Day, A new Beginning

751 180 65
                                    

සීන්ට තාමත් හිතාගන්න බෑ එයාට ලැබුන මේ ආරංචිය ගැන. ඒ ආරංචිය ලැබිලත් දැන් පැය කිහිපයක් ගිහින්. එයා හොස්පිටල් රූම් එකේ වාඩි වෙලා ජැනේලෙන් එලිය බලන් ඉන්නේ එයාව discharge කරනකන්. ජැනේලෙන් ඇතුලට ආපු ඉර එලිය සීන්ගේ ඇගට වැටිලා එයාට උනුසුමක් දැනුනා, ඒ වගේම ජැනේලෙන් ඇතුලට ආව සිසිල් සුලගින් එයාගේ කොන්ඩේ එයාට මෙහාට යද්දි එයාට තේරුනා මේක හීනයක් නෙවෙයි කියලා.

"Sean... Honey.... ඔයා මොනවද හිතන්නේ?" ඩැරන් සීන්ගේ එහා පැත්තෙන් වාඩි උනා.

"මට තාමත් මේක විශ්වාස කරන්න බෑ."

"එහෙනම් විශ්වාස කරන්න පටන් ගන්න. මොකද මේක හීනයක් නෙවෙයි. මේක ඇත්තක්." ඩැරන් හිනාවුනා.

"Talu...."

"ම්න්?"

"ඔයා හිතනවද මේ දරුවට මට හොද තාත්තා කෙනෙක් වෙන්න පුලුවන් වෙයි කියලා. දැන් මන් ඒ ගැන හිතලා බලද්දී මට ඒ ගැන බයයි.. "

"ඇයි ඔයා බය වෙන්නේ?" ඩැරන් සීන්ගේ අතින් අල්ල ගත්තා.

"මට බයයි මාත් මගේ දෙමාපියන් වගේ වෙයි කියලා. බලන්න මන් Tiantian ට කරපු දේ. මන් එයාව බලාගත්තේ නෑ. මම නරක තාත්තා කෙනෙක්. මන් ඒ දේම මේ දරුවටත් කරොත් මොකද වෙන්නේ? එයත් Tiantian වගේ මගේ indifference එක හින්දා විදවයි." සීන්ගේ ඇස් වල කදුලු පිරුනා.

"එහෙම දෙයක් වෙන් නෑ. මන් අනිත් කාටත් වඩා ඔයා ගැන හොදටම දන්නවා. ඔයා අනිත් හැමෝටම වඩා එයාව හොදටම බලා ගනී. එයාට ඕනේ ආදරේ නොඅඩුව දෙයි. ඇයි දන්නවද මන් එහෙම කියන්නේ? පලවෙනි එක ඔයා කොහෙත්ම ඔයාගේ දෙමාපියෝ වගේ නෙවෙයි. එයාලා ඔයාගේ ඇත්ත දෙමාපියොත් නෙවෙයි ඉතින් ඔයා කොහොමටත් ඒ වගේ වෙන් නෑ. දෙවෙනි එක ඔයා මොන වගේ කෙනෙක්ද කියලා මන් හොදටම දන්න නිසා..." ඩැරන් සීන්ගේ අත සිප ගත්තා.

"ඔයා හිතන්නේ මන් හොද කෙනෙක් කියලද?"

"ඔව් ඔයා හොද කෙනෙක්. ඔයා හැමදාමත් එහෙමයි... ඔයා ඔයා ආදරේ කරන කිසිම කෙනෙක්ට විදවන්න දෙන් නෑ. ඔයා ඒක ඔයාගේ සහෝදරයගෙන් ඔප්පු කරා. ඔයා එයාට උනේ මොකක්ද කියලා ආරංචි උන ගමන් ඔයා මෙච්චර කල් කරපු හැමදේම අහුවෙනවා කියලා දැනගෙනත් දුවන් ඇවිත් එයාට සාදාරනයක් ඉෂ්‍ට කරා. එයාට රිදවපු කෙනාට ගෙවන්න සිද්ද කරා. ඒකෙන්ම තේරෙන් නැද්ද ඔයා මොන වගේ කෙනෙක්ද කියලා..." ඩැරන් සීන්ගේ නලලට නලල තියා ගත්තා. "ඔයා තමයි හොදම, grumpy ම, ඒත් ආදරනීයම තාත්තා මේ බබාට ඉන්න..."

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now