Chapter 34: The Lion and the Panther

678 188 122
                                    

"අපේ චූටි කුමාරයා හොද බබෙක් වගේ හිටියා අද." ඔහු Tiantian ගේ කොන්ඩේ අවුල් කරමින් කිව්වා.

"Thank you so much for your time doctor." චාන් හිනාවුනා.

"ඩැඩී එහෙනම් දැන් අපිට ice cream කන්න පුලුවන්ද?"

"ඔව්. මගේ පැටියා ඩොක්ටර් මාමි ලග හොද බබා වගේ හිටිය නිසා ඔයා ඉල්ලන ඕනේ එකක් ඩැඩී අද අරන් දෙනවා."

"එහෙනම් මට ලොකුම ලොකු ice cream එකක් ඕනේ."

"ලොකු එකක් ගමු. ඔයාගේ නැනාටත් එකක් අරන් යමු." චාන් පුතාගේ අතිනුත් අල්ලන් හොස්පිටල් කොරිඩෝ එක දිගේ ආවා.

"අපි Daddy lion ටත් එකක් ගමු." චුට්ටා කිව්වා.

"ඕකේ."

"අර uncle Zhuo Lan!" චූටියා එයාගේ මාමව දැකලා සතුටින් ඇගිල්ල දික් කරා. චාන් චූටියා පෙන්නපු දිහා බැලුවට පස්සේ තමයි දැක්කේ ඔලුවත් පාත් කරගෙන දුකෙන් වගේ ඉන්න Zhuo Lan ව. එයා document එකක තියෙන මොකක් හරි බලනවා වගේම ඒක බලල ඉවරවෙලා අත් ගුලි කර ගත්තා.

"Zhuo Lan?" චාන් වෙන කල්පනාවක් හිටපු Zhuo Lan ලගට ලංවුනා.

"Uncle Lan Lan." චූටියා කෑගැහුවා.

"Ah?" Zhuo Lan ඇස් වල කදුලු පිටින්ම උඩ බැලුවා. සීන්වයි Tiantian වයි දැක්ක එයා ඉක්මනට කදුලු පිහිද ගත්තා. "ඔයාලා මොනවද මෙහෙ කරන්නේ?"

"මොකක් හරි ප්‍රශ්නයද Zhuo Lan? ඔයත් එක්ක Yitang ආවද?" චාන් වටපිට බලන ගමන් ඇහුවා.

"ඒක ඔයාට ඇති වැඩක් නෙවෙයි." Zhuo Lan චාන්ට දමලා ගහනවා වගේ කියලා Tiantian ලගට ලංවුනා. "මන් හොදින් පැටියෝ. Uncle ගේ බඩ පොඩ්ඩක් රිදෙන්න ගත්තනේ." එයා චූටියගේ කොපුලක් සිප ගත්තා.

"Zhuo Lan..." චාන් ඇත්තටම වොරි උනා.

"මට යන්න වෙලාව හරි." Zhuo Lan කිව්වත් චාන් එයාව නැවැත්තුවා.

"මොකක් හරි අවුලක් නේද? මට බොරු කියන්න එපා." චාන් Zhuo Lan අතේ තියෙන කොලේ දිහා බලන් කිව්වා.

"මන් ඔයාට කලින් කිව්වනේ ඒකෙන් ඔයාට ඇති වැඩක් නෑ කියලා."

"අපි ice cream කන්න යමු uncle. මගේ ඩැඩී ඔයාටත් ලොකුම ලොකු ice cream එකක් අරන් දෙයි ඔයාට තවත් දුක හිතෙන් නැති වෙන්න." Tiantian හිනාවුනා.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now