Chapter 4: Plans Underway

719 182 14
                                    

"දැන්ම නිදා ගත්තද?"

"ඔව්. එයා අද ගොඩක් සෙල්ලම් කරානේ."
යීබො සෝෆා එකේ වාඩි උනා.

"මට හිතා ගන්න පුලුවන් එයා කොච්චර සතුටු වෙන්න ඇතිද කියලා. TianTian එයාගේ සීයටයි ආච්චිටයි ගොඩක් ආදරෙයිනේ." ඇය සිනාසුනා.

"Tiantian හැමෝටම ආදරේ පතුරන ආදරණීය දරුවෙක්. ඒ වගේ පිරිසිදු හැගීමක් සුදුසු නැති කෙනෙක්ටත් යොමු වීම ලොකු අපරාදයක්." යීබෝ සුසුමක් හෙලුවා.

"ඒ ඉතින් එයාගේ තාත්තනේ. Tiantianට තාම තේරෙන් නෑ එයාට වෙන වෙනස්කම්." ඇය ඇස් රෝල් කරා. "ආ ඒක නෙවෙයි... අපේ ඔත්තුකාරයා පණිවිඩයක් එවලා තියනවා."

"මොකක්ද?" යීබො සීට් එකෙන් නැගිට්ටා.

"මුකුත් නෑ. ඔයාගේ husband bitch maldives ගිහින් නෑ."

"එයාට තේරිලද?"

"අනිවාර්‍යෙන් තේරිලා ඇති. නැත්තන් maldives යන් නැතුව වෙන කොහේ හරි යයිද?"

"Shit!" යීබො එයාගේ කෙස් ටික ඇද ගත්තා.
"අපේ අම්මයි තාත්තයි හෙට maldives යන්න හිටියේ. මන් එයාලට සීන්ව අතේ මාට්ටු කරන්න හිටියේ. කොහොමද මෙහෙම දෙයක් උනේ?"

"ඒක හැමවෙලේම වෙන එකනේ." යීබොගේ secretary ඇස් ඇකිලුවා.
"ඒ බැ$&& හැමවෙලේම බේරෙනවා. ඔයා මේ පාර හැමදේම plan කරලා ඔයාගේ අම්මටයි තාත්තටයි එයාලා ඉන්න hotel එකම book කරලා හැමදේම එලිවෙන විදියට කොච්චර හොයලා බලලා plan ගැහුවත් එයා ඒවට අහුවෙන් නෑ."

"අමතක කරලා දාන්න. මට කවදා හරි චාන්ස් එකක් හම්බවෙයි." යීබො සුසුමක් හෙලුවා.

"දැන් මට කියන්න අනිත් වැඩේ කොහොමද?" යීබොගේ මූඩ් එක ගොඩක් සීරියස් උනා.

"අපි දිව්‍යලෝකේ ඉදන් මනුස්සලෝකෙ වෙනකන් දැන් හොයලනේ තියෙන්නේ. ඔයා තව මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?" ඇය නලලේ අත ගහගත්තා.

"ඔයා එයාගේ අක්කා විදියට මීට වඩා worry වෙන්න ඕනේ නැද්ද? මට පේන්නේ මටද කොහෙද තියෙන එකම උවමනාව තියෙන්නේ එයාව හොයා ගන්න."

"මන් මගේ මල්ලි ගැන හොදට දන්නවා. එයාට ආපහු එන්න ඕනේ නැත්තන් එයා ඔහොම අපෙන් හැංගිලාම ඉදී. අපි කොච්චර හෙව්වත් වැඩක් නෑ." ඇය සුසුමක් හෙලුවා."අනිත් එක ඒක ඔයාගේ වැරැද්ද. එයා ඔයා වෙනුවෙන් ඔයාගේ හෙවනැල්ල වගේ ලග හිටියේ නැත්තන් ඔයා එයාව අතඇරලා දැම්මා කියලා එයාට නොදැනෙන්න තිබුනා. එහෙනම් එයා හැමදේම මෙහෙම අතඇරලා දාලා යන් නෑ." ඇය ඔහුට ඇගිල්ල දික් කරා.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now