Chapter 16: Don't let them trample you

643 180 75
                                    

"හැමදේම හොදින් තිබ්බද බොස්? ඔයාගේ parents ලා සතුටු උනාද?"

"ඔව් එයාලට ඕනේ විදියට හැමදේම තිබ්බා. එයාලත් ගොඩක් සතුටු උනා." යීබො කිව්වේ documents වගයක් දිහා බලන් හිනාවෙලා.

"අවුරුදු 30 ක් කියන්නේ ඇත්තටම ලොකු කාලයක්නේ. තමන් ආදරේ කරන කෙනත් එක්ක අවුරුදු 30ක් එකට ඉන්න ලැබෙනවා කියන කොච්චර ලොකු දෙයක්ද?" ඇය හිනාවුනා.

"ඒක ඇත්ත. මම ප්‍රාර්ථනා කරන්නේ එයාලට තව ගොඩ කාලයක් එකට ඉන්න ලැබෙන්න කියලා. එයාලා ගොඩක් ආදරෙන් ඉන්න කපල් එකක්."

"ඒක හැමෝම දන්න දෙයක්නේ සර්." ඇය හිනාවුනා.
"Wang family එක ගොඩක් ප්‍රසිද්ධයි caring husband ලට. ගොඩක් අය එයාලව අගේ කරන්නේ එයාලා එයාලගේ partners ලව බලා ගන්න විදිය ගැන."

"ඒක ඇත්තටම අපේ අම්මයි තාත්තයි දිහා බලලා අපි ඉගෙන ගත්තේ. ඔක්කොම documents ටික මෙතන තියෙනවා නේද? "

"ඔව් සර්."

"හැමදේම හරි. මන් නැති දවස් ටිකේ ඔයා හොදට වැඩ ටික කරලා තියෙනවා." යීබො කිව්වේ ආපහු documents ටික ඇය අතට දෙන ගමන්.

"Thank you sir. මම ගිහින් එන්නම්." ඇය පිටව ගියා.

"මට ඇතුලට එන්න පුලුවන්ද?" ලයිලා දොරට තට්ටු කරලා ඇහුවා.

"එන්න."

ලයිලව එදා යීබො Macao ඉදන් ගෙදර යැව්වට පස්සේ යීබො ලයිලත් එක්ක කතා කරේම නෑ. යීබො ඇය එක්ක කතා කරේ මොකක් හරි work related දෙයක් තිබ්බොත් විතරයි. ලයිලාත් එයාගේ බොස්ගේ වගේම හොදම යාලුවගේ තරහා නිවෙනකන් ආපහු යීබො එක්ක කතා කරන්න ගියෙත් නෑ. මොකද laila දන්නවා දැන් කරන්න තියෙන හොඳම දේ යීබොගෙ තරහ නිවෙනකන් ඉන්න එක කියලා .

"වාඩිවෙන්න." යීබො කිව්වේ එයාට ඉස්සරහ තියන පුටුව පෙන්නලා.

"ඔයා මාත් එක්ක තාමත් තරහින්ද?" laila ඇහුවේ පුටුවෙන් වාඩි වෙන ගමන්.

"ඔයා මොකද හිතන්නේ?" ඔහුගේ ඇහිබැම එසෙව්වා.

"යීබො, මට ඇත්තම සමාවෙන්න. මම එහෙම නොකර ඉන්නයි තිබුණෙ. මම ආපහු ආවට පස්සෙ තේරුම් ගත්තා මම කොච්චර ලොකු වැරැද්දක් ද කරේ කියලා. විශේෂයෙන්ම ඒකෙන් ඔයාට කොච්චර ලොකු ඩැමේජ් එකක්ද උනේ කියලා. මට මගේ තරහ සීන් ගෙ පිටින් යවන්න නැතුව ඉන්න තිබුණා. ඒත් ඔයාට ඕන්නං මං එයාගෙන් ගිහින් සමාව ගන්නම්." laila කිව්වේ දුක හිතෙන ඉරියව්වක් මවාගෙන.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now