Chapter 23: A cold shoulder

653 194 98
                                    

එකතැන හිටගෙන හිටපු යීබො සිහි එලව ගත්තට පස්සේ කෙලින්ම දිව්වේ අම්මලගේ ගෙදර. ඒ වෙද්දි අම්මව හොස්පිටල් ඉදන් ගෙදර ගෙනල්ලා තිබුනේ.

එයා ගෙට ගොඩ උන ගමන් දැක්කේ එයාගේ ලොකු අයියවයි එයාගේ wife වයි. ඒ දෙන්නා යීබොට greet කරේවත් නෑ. 'උබව මන් මරනවා' කියන්න වගේ එකම එක බැල්මක් දීලා යීබොව සත පහකට ගනන් ගන් නැතුව එයාලා කර කර හිටපු වැඩේම කරා.

යීබොට හිතා ගන්න බැරි උනේ නෑ එයාලා එහෙම හැසිරෙන්න හේතුව. ඒක හොදටම පැහැදිලියි ඒ යීබොගේ වගකීම් විරහිත හැසිරීම නිසා වගේම Ty ආපහු ඇවිත් තියෙන නිසා කියලා. ඒ කියන්නේ සීන් ඒ ගැන එයාගේ පවුලේ අයට කියලා. යීබො අත මිටිමොලව ගත්තේ සීන් ගැන ඇති උන තරහත් එක්ක.

යීබො එයාගේ අම්මගේ කාමරේට එද්දි අම්මා ඇදේ හිටියා පොතක් කියව කියව. එයා දුවගෙන මමා ලගට යද්දී Mrs Wang එයාට greet කරේ කන පුපුරන්න කනේ පාරක් දීලා. එදා දවසට යීබො උදේම දෙවෙනි කනේ පාරත් කෑවා කම්මුලේ එකම පැත්තට.

"මට සමාවෙන්න මමා." යීබො බිම බලාගත්තා.

"සමාවෙන්න? ඔයාට ඇත්තට එහෙම හැගීමක් දැනෙනවද?" Mrs Wang තරහින් ඇහුවා.

"මට ඇත්තටම සමාවෙන්න මන් වෙලාවට ආවේ නැති එක ගැන. මට සමාවෙන්න මන් ඔයා ලග ඉන්න ඕනෙම වෙලාවේ හිටපු නැති එක ගැන."

"ඒ ගැන විතරද ඔයා දැන් පසුතැවෙන්නේ? ඔයා හිතන්නේ මන් කනට ගැහුවේ ඔයා මන් ලග හිටපු නැති එකට කියලා. ඔය ඔලු ගෙඩිය ඇතුලේ මොනවද වෙන්නේ Wang Yibo? දෙයක් කරන්න කලින් හොදට හිතල බලන්න මොලයක් නැද්ද?"

"ඔය කේලම කියලා තියෙන්නේ. මන් දැන ගත්තා. Ty ආපහු ආපු නිසා සීන්ට කොහොමත් කට වහන් ඉන්න බෑ කියලා." යීබො තරහින් කිව්වා.

"සීන්? සීන් වචනයක්වත් කිව්වේ නෑ. තමුන් දන්නවද මට මේ ගැන කිව්වේ කවුද කියලා? මගේ මුනුපුරා.." Mrs Wang තරහින් කෑ ගැහුවා.

"මොකක්ද?" යීබො ගැස්සුනා.

"බැරි වෙලාවත් තමුන්ගේ මොලේ කොලොප්පම් වෙලාද යීබො? තමුන්ගේ දරුවා ගැන හිතන්න බැරිද? තමුන් දන්නවද ඒ බැ$& එක්ක තමුන් ඒ දරුවා ඉස්සරහා දාපු show එක ඒ දරුවට කොච්චර බලපෑවද කියලා?"

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now