Chapter 45: Two halves, One Shape

714 179 33
                                    

චාන් කෝමා එකෙන් නැගිට්ටේ මාසෙකට පස්සේ නිසා හොස්පිටල් staff එකෙන් කරපු ඔක්කොම check ups ටික ඉවර වෙලා අන්තිමෙදි චානුයි යීබොයි විතරක් කාමරේ ඉතිරි උනා.

යීබොගේ තිබුනේ බය වුන expression එකක් වෙද්දී චාන්ගේ තිබුනේ සංසුන් expression එකක්. චාන් fixed point එකක් දිහා ඔහේ බලාගෙන හිටියා. එයා නැගිට්ටත් හරි තාම එක වචනයක්වත් කතා කරේ නෑ. ඒ නිසා යීබො හිටියේ ගොඩක් බයවෙලා වගේ.

"චාන්...."

"....." චාන් අතරමං වෙලා වගේ තාමත් ඔහේ බලන් ඉන්නවා

"චාන් ඔයා හොදින්ද?" යීබො වොරි උනා.

චාන්ගේ කිසිම reaction එකක් නැතිකොට යීබො ගොඩක් බය උනා. චාන් බලාගත්තු අත ඔහේ බලන් ඉන්නවා.

"චාන්... ප්ලීස් මාත් එක්ක කතා කරන්න..."

"යීබෝ..." චාන් හිමින් කතා කරා.

"ඔව් කියන්න." යීබො බියෙන් වගේ හිනාවුනා.

චාන් අන්තිමෙට යීබො දිහා බැලුවා. "මගේ bunny ට කොහොමද?"

"එයා හොදින් ඉන්නවා. එයාට ඔයාව ගොඩක් මිස් උනා. ඒත් එයා හොද දරුවෙක්. එයා තේරුම් අරන් ඉවසීමෙන් බලන් ඉන්නවා."

"එයා ඇත්තටම හොද දරුවෙක් තමයි." චාන් හිනාවුනා. "මන් ඔයාගෙන් දෙයක් අහන්නද?"

"ඔයා කැමති දෙයක් අහන්න... "

"සීන්.... එයා කොහෙද?"

"හහ්?" යීබො චාන් අහපු දෙයින් suprise උනා.

"එයා ආපහු ආවනේ. එයා කොහෙද?"

"ඔයා කොහොමද දන්නේ?" යීබො ටක් ගාලා චාන්ගේ අත් දෙකෙන් අල්ල ගත්තා. "චාන්...කිසි දේකට බය වෙන්න එපා. හැමෝම දැනටමත් ඇත්ත දන්නවා. සීන්මයි ඒ ගැන හැමෝටම කිව්වේ. හැමදේම හොදින්.. "

"මන් දන්නවා..."

"කොහොමද?"

"සීන්... මට එයාව හම්බෙන්න ඕනේ..."

"Sure... මන් එයාට කෝල් කරලා එන්න කියන්නම්." යීබො phone එක අතට ගත්තා.

"දැන්ම නෙවෙයි. පස්සේ... මේ දැන් මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ."

"මොනවා ගැනද?"

"මට ඇහුන දේවල් ගැන. මන් නිදියන් ඉද්දි ඔයා කිව්ව දේවල් ගැන."

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now