Chapter 6: Hidden Intentions

652 182 27
                                    

Wang house එක පුරාම ඉදිකටු තුඩක් වැටුනත් ඇහෙන තරමේ නිශ්ශබ්දතාවක් රජ කරා. හැමෝම හිටියේ එයාලා දැක්ක දේ අදහා ගන්න බැරුව shock වෙලා. He Sean හිටියේ දරුවව වඩා ගෙන විතරක් නෙවෙයි දරුවව තදින් වැලදගෙන. හැමෝම ඇස් ලොකු කරන් බලන් හිටියේ මේ අදහා ගන්න බැරි සිදුවීම දිහා. Wang Yibo ත් කොච්චර shock වුනාද කියනවා නම් එයාට හිතාගන්න බැරුව හිටියේ මොනවද කියන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියලා.

Zhan චූටි Tiantian ව දෑතට අරන් හිටියේ උනුසුමින් වගේම මෘදු මොලොක් බවෙන් යුතුව දරුවෙක්ට රැකවරණය සලසන දෙමාපියෙක් වගේ. ඔහු කුඩා සිරුර කොච්චර ආදරෙන් වැලදගෙන හිටියද කියනවා නම් ක්‍රමයෙන් පුංචි පැටියගේ හැඩීම නතර උනා. මෙච්චර වෙලා ගේම දෙදරන්න ඇහුන චූටි විලාප හඩ නැති උනාට පස්සේ තමයි චාන් පියවි සිහියට ආවේ. හැබැයි එතකොට චූටි Tiantian හිටියේ එයාගේ කුඩා දෑත් වලින් තදින් චාන්ගේ ගෙල බදාගෙන. ඒත් චාන්ගේ අවදානය යොමු උනේ මෙතනට වට වෙලා ඉන්න කට්ටිය ඇස් ලොකු කරන් එයා දිහා බලන් ඉන්න විදිය. ඒ වෙලාවේ තමයි චාන්ට තේරුනේ එයා විශාල වරදක් කරා කියලා.

"තමුන්! තමුන් ලමයගේ කට වහන්නවත් බැරි තරම් අදක්ෂයිද?" චාන්ගේ යීබොගෙන් ඇහුවේ මොන වදයක්ද මේ කියන බැල්මෙන්.

"මට මගේ පුතාව දෙනවා." යීබො එයාගේ පුතාව චාන්ගේ අතින් උදුර ගත්තා.

"Daddy!" Tiantian ආපහු චාන්ට දෑත් දිගුකලා.

"ඔයා දැන් ලොකු ලමයෙක්. ඒ නිසා ඒ විදියට වැඩ කරන්න.දැන් අඩන එක නවත්තන්න." චාන් ඔහු දිහා බලන් කියලා හැරුනේ එතනින් යන්න.

"තමුසෙ!" Mrs. Wang හැදුවේ එයාව නවත්තන්න.

"අන්‍තිම පාරට කියන්නම් මමා" චාන් Mrs Wang දිහාට හැරුනා. "මම දෙයක් මතක් කරන්නම් ඔයා යීබොගේ මමා වෙන්න පුලුවන් හැබැයි මේක මගේ ගෙදර. ඒ නිසා මගේ ගෙදරට එන කවුරුත් මට අගෞරව කරන් නෑ. මම මේ පාර මේක අත අරින්නම් හැබැයි ඊලග පාර ආපහු එහෙම වෙන්න බෑ."

"තමුසේ මට තර්ජනය කරනවද?"

"අපෝ නැහැ." චාන් කට කොනින් හිනා වුනා. "මන් හිතන් නෑ පපා Wang ඔයා මට අද සලකපු විදිය දැන ගත්තොත් හොදක් වෙයි කියලා. ඔයා මට කියපු දේවල් වගේම ඒවා එයාගේ හුරතලේ උන Tiantian ට කොහොමද බලපෑවේ කියලා."

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now