Chapter 40: Chance

735 173 64
                                    

"මේක කොහොමද?" චාන් හාවෙක් ඉන්න jumpsuit එකක් පෙන්නලා ඇහුවා

"මන් හිතන්නේ little master මේ පිජාමා එකට ගොඩක් කැමති වෙයි." නැනා ඔලුව වැනුවා.

"Thank you මාත් එක්ක ආවට නැනා. මට ඇත්තටම මේ දේවල් ගැන ලොකු තේරුමක් නෑ. ගෑනු කට්ටියනේ ඉතින් මේ දේවල් ගැන දන්නේ හොදට."

"එහෙම නෑ. ඔයා හොදට වැඩ ටික කරගෙන යනවා young master." නැනා හිනාවුනා.

"Thank you ඔයාගේ උදව්වට. අපි අර පැත්තටත් ගිහින් තව දේවල් ටිකක් බලමු." චාන් හිනාවුනා.

"ඔක්කොමට කලින් අපි little master ට sweets මොනවා හරි ගන්නත් ඕනේ." නැනා විහිලු කරා.

"මේ කොල්ලා නම්...මෙහෙම ගියොත් එන්න එන්නම මහත් වෙයි." එතකොටම වගේ චාන්ට කෝල් එකක් ආවා.

"හෙලෝ.."

"චාන්..." චාන්ට යීබොගේ කටහඩ ඇහුනා.

"ඔව් කියන්න."

"ඔයා මොකද කරන්නේ?"

"මන් අපේ පුතාට බඩු වගයක් ගන්න ආවා."

"හරි. මන් ඇත්තටම ඔයාට කෝල් කරේ දවල් වරුව පොඩ්ඩක් free කරගන්න කියන්න."

"ඇයි ඒ?"

"ඔයාට දවල් වෙලා අපේ office එක පැත්තේ එන්න පුලුවන්ද?"

"හරි මන් එන්නම්."

"චාන්..."

"මට ඔහොම කතා කරන්න එපා. කාට හරි ඇහුනොත්." චාන් හිමින් කිව්වා.

"ඒක ඔයාගේ නමනේ. මන් කැමති ඔයාගේ නමින් කතා කරන්න."

"කාට හරි ඇහුනොත් එහෙම ප්‍රශ්නයක් වෙයි."

"කාටවත් ඇහෙන් නෑ. මන් පරිස්සම් වෙන්නම්."

"ම්න්."

"මන් තියන්නම් එහෙනම්. පස්සේ හම්බෙමු. Wish you a good day."

"You too. Have a nice day."

චාන්ගෙයි යීබොගෙයි සම්බන්දේ හොද අතට හැරෙමින් තිබුනා. යීබො ආපහු චාන්ගේ line එක cross කරේ නෑ. යීබො කලින් වගේ චාන්ට බලහත්කාරකම් කරන්න ගියේ නෑ. ඒ වගේම චාන් අකමැති කිසි දෙයක්. එයා චාන්ගේ personal space එකට respect කරන්න පුරුදු උනා.

යීබො ටික ටික චාන්ට අවදානය දුන්නා. හැමවෙලේම එයත් එක්ක වැඩ කරද්දි පරිස්සම් උනා. හැමවෙලේම ආදරනීය විදියට කතා කරා, හිනාවුනා. යීබො අදිෂ්ටාන කරගෙන හිටියේ චාන්ට එයා කිව්ව වචනයක් වචනයක් ගානේ ඇත්ත කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නනවා කියලා. එයාට ඕනේ චාන් දැනගන්නවට එයාගේ ජීවිතේ අවංකව චාන්ව එයාට ලගින් තියාගන්න ඕනේ කියලා. ආදේශකයක් විදියට නෙවෙයි එයාගේ life partner විදියට.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now