Chapter 27: Ferocity of the Lion

691 192 108
                                    

යීබොගේ මුහුනේ තිබුන සරාගී ඉරියව්, යීබොගේ වේගවත් උනුසුම් සුසුම් ගෙල දිගේ දැනුන විදිය, එයාගේ කකුල් දෙක අතරේ ඉදන් යීබො එයාව සිපගද්දි මුවින් සරාගී කෙදිරියන් ගිලිහුනු විදිය, මේ එකින් එක පිංතූර හීනෙන් වගේ චාන්ගේ මතකෙට ආවා.

"Shit!" චාන් ඇස් දෙක වහගෙනම ඇද උඩ ඉදන්ම කකුල් ගහන්න ගත්තා. "Shit! Shit! Shit!"

චාන් අන්තිමෙට ඇස් ඇරලා බලද්දි දැක්කේ එයාව බ්ලැන්කට් එකෙන් පොරවලා වගේම වගේම ඇදට ගැටගහලා තිබ්බ අත් දෙකත් නිදහස් කරලා කියලා. චාන් ටක් ගාලා ඇදේ වාඩිවෙලා වටපිට බැලුවේ එයා කොහෙද ඉන්නේ කියලා බලන්න. එයා තාමත් ඉන්නේ යීබොගේ කාමරේ. යීබො රෑ මැද ඇවිත් එයාට නින්ද ගියාට පස්සේ ගැට ගහලා තිබ්බ අත් දෙක ලිහලා දාලා වගෙ.

චාන්ගේ මුවින් තරහා පිරුනු ශබ්දයක් පිට වෙද්දී එයා හොදට කාමරේ පුරා ඇස් අරන් ගියේ එයා යීබොගේ කාමරේට ආපු පලවෙනි වතාව මේක නිසා.

චාන් ආපහු බ්ලැන්කට් එක අස්සට ගුලි වෙලා කොට්ටෙට මූන ඔබා ගත්තා. එයාට ඒ කොට්ටෙන් පවා යීබො ලගින් එන සුවද දැනුනා.

ඒක හරිම ප්‍රසන්න, sweet වගේම manly aroma එකක්. ඒ සුවද චාන්ව ගොඩක් සංසුන් කරද්දී චාන් එයාගේ මූන තව තවත් ඒ කොට්ටෙටම ඔබා ගත්තා.
කොට්ටෙන්, බ්ලැන්කට් එකෙන්, ඇදෙන් පවා යීබොගේ සුවද දැනෙද්දී එයාට දැනුනේ එයා යීබොගේ දෑත් වලට මැදිවෙලා ඉන්නවා වගේ හැගීමක්.

හැබැයි ටික වෙලාවකින් චාන්ට යීබො එයාට ඊයේ කරපු දේ මතක් වෙද්දි චාන් ඇදෙන් බිමට පැන්නේ එයාගේ තිබුන සංසුන් aura එක නැති වෙලා murderous aura එකකින් වසා ගද්දි. ඒ වෙලාවේ චාන් කාමරයෙන් එලියට ගියේ යීබොව හොයාගෙන බෙල්ල මිරිකනවා කියලා හිතාගෙන.

"Young master, මන් හිතුවේ ඔයා ගෙදර නෑ කියලා." නැනා කිව්වේ චාන් පොඩිවුන ඇදුමින් වගේම අවුල් උන කොන්ඩයක් එක්ක යීබොගේ කාමරෙන් එලියට එනවා දැකලා පුදුමයට පත් වෙලා

"මේ මම.. " චාන්ට දැනුනේ පොලව පලන් යන්න තරම් ලැජ්ජාවක්.

"Breakfast ලැහැත්ති කරන්නද?" නැනා හිනාවුනා.

"කෝ ඔයාගේ young master Wang?" චාන් නැනාට උත්තර දෙනවා වෙනුවට ඇහුවා.

"එයා උදේම office එකට ගියා."

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now