Chapter 39: A new beginning

747 191 67
                                    

උදෑසන හිරු කිරන වෙනදා වගේම චාන්ගේ මූනට වැටුනේ අලුත් දවසක් උදා උනා කියලා දැනුම් දෙන්න. චාන් ඇස් දෙක පොඩි කරමින් නිදිමත කැඩුවා. එයාට කලින් දවසේ තරම්ම නොතිබුනත් එයාගේ පිටුපසින් යම්කිසි තරමේ වේදනාවක් තිබුනා. හැබැයි ඒක කලින් දවසට වඩා දරාගන්න පුලුවන් තරමේ එකක්. මොකද කලින් දවසේ එයාට නැගිටිද්දි දැනුනේ ගල් රෝලක් ඇග උඩින් ගිහින් වගේ වේදනාවක්.

ආපහු වතාවක් එයා දැක්කා එයා එයාගේ පිජාමා එක ඇදන් ඉන්නේ කියලා. යීබො ඇදේ බෙඩ් ශීට් පවා මාරු කරලා තිබුනා. හැබැයි අද යීබො එයාගේ එහා පැත්තෙ හිටියේ නෑ. චාන් ඇදේ හිටිගේ තනියම.

උනුසුම් ස්නානයකට පස්සේ චාන් වෙනදා වගේම කෑම කාමරයට ගියා. එයා එදත් තාත්තයි පුතයි කියව කියව සතුටින් කෑම කන දර්ශනය දැක්කා. චාන් ඒක පෙන්නුවේ නැති උනත් මේ දර්ශනය දකින්න චාන් ගොඩක් ආස කරා. ඒක එයාට ගෙනාවේ අමුතුම හැගීමක්.

"Good morning." චාන් චූටියගේ කොපුලක් සිප ගත්තා

"Good morning bunny." චූටික්කා ලස්සනට හිනාවුනා.

"Good morning." චාන් එයාගේ සීට් එකේ වාඩිවෙන ගමන් යීබොට කිව්වා.

"Good morning." යීබො චාන්ගේ අත අරන් සිප ගනිමින් කිව්වා. Suprise උන චාන් ඉක්මනට ඒ අත ඇදලා ගත්තා.

"Young master, ඔයාට breakfast එකට මොනවද ඕනේ?" නැනා චාන්ගෙන් ඇහුවා.

"ඔයා කැමති දෙයක් ලැහැස්ති කරන්න නැනා". චාන් හිනාවුනා.

"චාන්..." යීබො මෘදුව හිමින් කතා කරා.

"ම්න්?" චාන් යීබො දිහා බැලුවා.

"ආ මේක ගන්න. මතක ඇතුව කාලා ඉවර වෙලා බොන්න." යීබො චාන්ගේ අතට පැකේජ් එක දුන්නා.

"Th..thank you." චාන් ඇත්තටම පුදුම උනා. කලින් දවසේ එයා ඒ බෙහෙත් බිව්වා කියලා රන්ඩු කරපු යීබො අද මතක ඇතුව බොන්න කියලා බෙහෙත් box එක දෙද්දී.

"මන් අද ගෙදර නෑ. පපා office එකට එන්න කියලා කිව්වා." යීබො කෑම කන ගමන් කිව්වා.

"මොනවා හරි වෙලාද?"

"මන් හිතන්නේ මන් දන්නවා ඒ මොකටද කියලා?"

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now