Chapter 38: Wound

687 182 75
                                    

යීබොගේ ඔලුව ඒ වෙලාවේ පුපුරන්න ඔන්න මෙන්න වගේ තිබුනේ. එයාගේ අතේ තියෙන documents බලන ගානේ යීබොට දැනුනේ එයාගේ හිස්කබල ඇතුලේ තියෙන මොලෙත් එක්ක මිරිකෙනවා වගේ.

එතකොට එයාගේ හදවත? ඒකට තමයි ලොකුම බලපෑමක් තිබුනේ. ඒක කොච්චර රිදුනද කියනවා නම් යීබොට හුස්ම ගන්න අමාරු උනා. ඒක හරියට රත් උන පිහියකින් පපුව හරහා අනිනවා වගේ වේදනාවක්.

යීබො Ty ට අවංකව ආදරේ කරා. එයාගේ මුලු ජීවිතේම Ty ට දුන්නා. එයාගේ ලෝකෙ කොටසක් කර ගත්තා. Ty අතුරුදහන් උනාට පස්සේ එයා එයාටම බැන ගත්තා ඒක එයාගේ වැරැද්ද එයාට එයා ආදරේ කරන කෙනාව ආරක්ෂා කර ගන්න බැරි උනා කියලා. ඒ දෙන්නා එහෙම වෙන් උනාට පස්සෙත් යීබො Ty ට වෙනසක් නැතුව ආදරේ කරා. එයා වෙනුවෙන් ඉවසීමෙන් බලන් හිටියා.

යීබොගේ ඇස් වලින් නොනවත්වා කදුලු ගලන් ගියා. එයාට දැනුනේ එයා මේ ලෝකෙ ඉන්න ලොකුම ජෝක් එක උනා වගේ හැගීමක්. එයා කරේ පුලුවන් තරම් ආදරේ දුන්න එක. ඒත් ඒ වෙනුවට මොනවද එයාට ලැබුනේ? රැවටීමයි වංචාවයි.

යීබොගේ ඇස් දෙක යොමු උනේ තාමත් එයාගේ කකුලේ එල්ලිලා ඉන්න කෙනා දිහාට. යීබො හිතන් හිටියේ මේ කෙනා තමා මේ ලෝකෙ ඉන්න අහිංසකම කෙනා කියලා. එයා හැමදාම Ty ව defend කරා. එයා වෙනුවෙන් යීබො එයාගේ පවුලටත් විරුද්ද උනා. ඒත් බලාගෙන යද්දි Ty තමයි කතාවේ දුෂ්‍ටයා.

යීබො බලාගෙන හිටියා එයාලගේ ඉස්සරහා ඉන්න තරුනයව දැකලා Ty බියෙන් වෙව්ලන විදිය. ඒ කෙනාව දැක්කම එයාට තේරුන එකම දේ එයාට ලොකු කතාවක් කියන්න තියෙනවා කියන එක.

"A...Alexei..." Ty ගැහෙන්න ගත්තා.

"ඉතින් baby ඔයාට එහෙනම් තාම මාව මතකයි නේද? ඒක නම් ඇත්තටම ලොකු සතුටක්." ඔහු Ty ගේ කොපුලක් පිරිමැද්දේ Ty තව දුරටත් කිටි කිටියේ ගැහෙන්න ගද්දි.

"ඔයා.. ඔයා මොනවද මෙහේ කරන්නේ? ඔයා.. ඔයා..කොහොමද මෙහෙට ආවේ?"

"අපිට මේ ලගදි දවසක තමයි young Alexei ව හම්බුනේ. එයා ඇත්තටම හරිම හොද තරුනයෙක්." Mr Wang හිනාවුනා.

"ඔයා..ඔයා කවුද?" යීබො ඒ තරුනයා දිහා බලලා ඇහුවා

"ඕහ් සොරි. මට මාව introduce කරන්න අමතක උනා. මගේ නම Alexei Koslov." ඔහු යීබොට අතට අත දෙන්න අත දික් කරා.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now