Chapter 19: For the love of the children

639 178 49
                                    

හැමෝම තුෂ්නිම්භූ වෙලා බලන් හිටියේ hospital ඇද උඩ සීන් එයාගෙ පුතාව අත් දෙකෙන්ම තදින් වැලදගෙන ඉන්නවා දැකලා. හරියට කිකිලියෙක් එයාගේ තටු අස්සේ තියන් කුකුල් පැටවුන්ව රකිනවා වගේ.

යීබොගේ ඇස් ඒ සීන් එකෙන් අයින් උනේ නෑ ඒ වගේම එයාගේ පුතාගේ සමහර වචන යීබොගේ ඔලුවේ දෝංකාර දුන්නා .

දැන් කාලයක් තිස්සේ එයාගේ පුතා එයාගේ favorite ම කියලා bunny කෙනෙක් ගැන සතුටින් කතා කරනවා යීබෝ නිතරම අහගෙන හිටියා. චූටි Tiantian ඇත්තටම bunny ගැන කියවන එක නතර කරේම නෑ. යීබො හිතන් හිටියේ ඒක චූටියගේ මවා ගැනීමක් කියලා. මොකක් හරි කතා පොතක ඉන්න කෙනෙක් ගැන හරි. ඒත් දැන් යීබොට තේරෙනවා එයා bunny කියලා හැදින්වුවේ කාවද කියලා.

යීබො මේ වෙලාවේ හිටියේ ගොඩක් confuse වෙලා වගේම පුදුමයට පත් වෙලා. සීන් කවදාවත් Tiantian ව ගනන් ගත්තේ නෑ. චූටියා කොච්චර උත්සහ කරත් සීන්ට ලංවෙන්න එයා කවදාවත් පුතා දිහා බැලුවෙවත් නෑ. ඒත් දැන් එයා කොහොමද එක පාරට වෙනස් වෙලා තියෙන්නේ? අනික මොන හේතුවක් නිසාද එයා රහසින් පුතාට ලංවෙලා තියෙන්නේ? හැමෝගෙම විශ්වාසේ දිනා ගන්න නම් එයාට ඒක හැමෝගෙම ඉස්සරහා කරන්න තිබුනනේ. යීබොට මේ හැමදේටම පැහැදිලි කිරීමක් ඕනේ වෙලා තිබ්බේ.

"අපි එලියට යමු." Mr Wang යීබොගේ අතින් ඇදන් ගියා.

"ඒ උනාට මගේ පුතා.." යීබො අදිමදි කරා.

"එයා එයාට මේ වෙලාවේ අවශ්‍යම කෙනත් එක්ක ඉන්නේ." Mr Wang කිව්වේ චාන් දිහා බලලා යීබොව එලියට ඇදන් යන ගමන්.

"ඔයා එන්න මාත් එක්ක." Mrs Wang ලයිලව ඇදගෙන ගියා.

"පපා.. මොකද මේ?" යීබො ඇහුවේ Mr Wang එකපාරට එයාව බිත්තියට තියල තද කරද්දි.

"මන් තමුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. තමුන්ගේ මොලේ ඇතුලේ මොනවද තියෙන්නේ යීබො? තමුසෙට කොහෙන් ආපු හයියක්ද සීන්ව දාලා ඒ වෙනුවට අර කෙල්ල එක්ක එන්න? මගේ driver ඒ වෙලාවේ ඔයාලගේ ගෙදරට ගියේ නැත්තන් සීන්ට අද එයාගේ පුතාව හොයාගන්න වෙන් නෑ."

"සීන් කවදාවත් මගේ පුතා ගැන worry උනේ නෑ. ඒ නිසා මට හේතුවක් තිබුන් නෑ එයාව එක්කන් එන්න."

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now