Chapter 13: A changing attitude is not bad

646 172 33
                                    

"මොනවා ගැනද ඔයා ඔච්චර හිතන්නේ?" ඔහු ඇහුවේ සීන්ගේ උරහිස සිප ගන්න ගමන්.

"මුකුත් නෑ. ඒක නිකන්..."

"නිකන්?"

"මේකයි. ගොඩ කාලෙකට පස්සේ මන් මේ වගේ සාමකාමී විදියට නිදහසේ ඉන්නේ..... ඉතින් මේ සංසුන් බව මට නිකන් අමුතුයි වගේ." සීන් කිව්වේ එයාගේ අවට පරිසරය බලන ගමන්.

"සමහරවිට ඔයා මේකට කැමති උනහම හැමදාම ඉන්න හිතෙයි." ඔහු හිනාවුනා.

"කවුද දන්නේ? මන් ගොඩක් chaos මැද ජීවත් උන එක්කෙනෙක්. ඒ නිසා මේ සංසුන් බව මට ටික දවසකින් එපා වෙයිද කියලා."

"මට.." ඔහු සීන්ගේ නිකටෙන් ඇල්ලුවා. "මට පුලුවන් ඔයාට හැමදාම මේ විදියට නිදහසේ සංසුන්ව ඉන්න විදිය කියලා දෙන්න." ඔහු සීන්ගේ දෙතොලින් හාදුවක් තිබ්බා."ඔයාට තියෙන්නේ මාත් එක්කම ඉන්න විතරයි."

"මන් ඔයාට මේක කලින් පැහැදිලි කරානේ. මට ඔයා බලාපොරොත්තු වෙන දේ දෙන්න බෑ." සීන් අහක බලාගත්තා.

"ඔයාට ඕනේ සල්ලියි බලයයි නම් ඒක මට ඔයාට දෙන්න පුලුවන් කියලා ඔයා දන්නවනේ. මන් ලග තියෙන හැම දෙයක්ම මන් ඔයාට දෙන්නම්. මන් කැමති නෑ ඔයා මේ වගේ අසතුටු ජීවිතයක් ගත කරනවා බලන් ඉන්න."

"ඔයාට තේරෙන් නෑ.." සීන් සීට් එකෙන් නැගිට්ටා.

"මට හොදටම තේරෙනවා. ඒ නිසයි කියන්නේ. ඔයා හිතන්නේ ඔයා ඉන්නේ පොඩ්ඩක්වත් සතුටින් නෙවෙයි කියන එක මට තේරෙන් නෑ කියලද? ඔයා හැමෝමත් එක්ක රණ්ඩු කරලා එයාලව තරහා ගස්සලා සතුටු වෙනවා වගේ රගපානවා. ඒත් ඇත්තටම ඔයාට ඒව කොච්චර බලපානවද කියලා මට තේරෙන් නෑ කියලද ඔයා හිතන්නේ?"

"මොන විකාරද ඔය කියවන්නේ?"

"සීන්..."

"දැන් හොදටම ඇති. ඔයා මොකද හැමවෙලේම මගේ මූඩ් එක කන්නේ? ඔයා දිගටම මෙහෙම කරන එක නතර කරේ නැත්තන් මන් මේ trip එක cancel කරනවා." සීන් අන්තිම වතාවට ඔහු දිහා බලල එතනින් පිටව ගියා.

ඔහු ඔහුට පිටුපාලා යන සීන් දිහා බලලා පරාජිත සුසුමක් හෙලුවා. එයා සීන්ට ආදරේ කරන්නේ කොච්චර කාලෙක ඉදන්ද? ඇත්තටම සීන්ව දැක්ක මුල්ම දවසේ ඉදන්. එයා සීන්ට මුලින්ම කැමති උනේ සීන්ගේ තිබුන සීතල වගේම මුරණ්ඩු කමට. එයා එන්න එන්නම වහ වැටුනා සීන් මුලු ලෝකෙම එයාගේ කකුල යට තියෙනවා වගේ හැසිරෙන විදිය දැකලා. හරිම ඡන්ඩයි, හැබැයි හරිම ලස්සනයි...

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now