Chapter 46: Homecoming

754 180 36
                                    

"නැනා මේ සුප් එක එව්වා. ඔයා ඔක්කොම බීලා ඉවර වෙනකන් නැගිටින්න දෙන්න එපා කිව්වා."

"මට ඇත්තටම නැනාගේ රස කෑම මිස් වෙනවා."

"ඔයාව හෙට discharge කරනවා කිව්වනේ. එතකොට ගෙදර යන්න පුලුවන්නේ."

"මොන ගෙදරටද?"

"අපේ ගෙදරට." යීබො හිනාවුනා.

"ඔයා කියන්නේ ඔයාගෙයි සීන්ගෙයි ගෙදරට?"

"නෑ. මන් කතා කරන්නේ අපේ ගෙදර ගැන... ඒක අපේ ගෙදර."

"යීබො..." චාන් සුප් බොන එක නතර කරා.

"ඔයා දෙයක් clear කරගන්න ඕනේ චාන්." යීබො චාන්ගේ ඇස් දිහා බැලුවා. "ඒක අපේ ගෙදර. මට ඔයාව මුලින් හම්බුන තැන. අපේ හැමදේම පටන් ගත්ත තැන. අපි පවුලක් උන තැන. ඒක අපේ ගෙදර."

"දැන් හැමෝම මම Xiao Zhan කියලා දන්න නිසා මන් කොහොමද එහෙ ඉන්නේ? හැමෝම හිතයි මම මගේ සහෝදරයගේ දේවල් වල ලාභ ප්‍රයෝජන ගන්නවා කියලා."

"කාටද එහෙම හිතන්න හයියක් තියෙන්නේ?" ඒ දෙන්නම උඩ ගියේ Mr Wang ගේ කටහඩ ඇහිලා.

"පපා.." යීබො හිනාවුනා.

"Mr Wang." චාන් හිස නවලා ආචාර කරා.

"තව දුරටත් මට පපා කියන් නැද්ද?"

"ඒ..ඒක මේ..."

"මන් ඇත්තටම කියන්නේ...මේ වෙලාවේ නම් මට හරිම දුකයි. මන් හිතන් හිටියේ මට තව පුතෙක් හම්බුනා කියලා."

"පපා වාඩි වෙන්න." යීබො ඉඩ දුන්නා.

"චාන්..මට ඇත්තටම මේක කලින් ඉදන් කරන්න ඕනේ උන දෙයක්. ඒත් මන් හිතනවා දැන් තමයි ඒකට හරිම කාලේ කියලා. මට ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනේ."

"ඒ මොකටද?"

"ඔයා හොදටම දන්නවනේ දැන් මන් ඔයා ගැන දන්නවා කියලා. මන් කලින් ඉදන් ඔයා ගැන දැනන් හිටියා කියලා. මට ඒකට ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනේ. සීන්ගේ game එක play කරාට. මන් දැනන් හිටියා මගේ family එකේ අය නිසා ඔයාට ගොඩක් කරදර ඇති උනා කියලා. මට ඒක ඇත්තටම ලොකුවට බලපෑවා. ඔයාට තනියම ඒ දේවල් වලට මුහුන දෙන්න සිද්ද උන එක. මට ඇත්තටම සමාවෙන්න පුතේ. ඒත් මන් කවදාවත් ඔයාව ආදේශකයක් විදියට දැක්කේ නෑ." අන්තිම part එක ඇහුන ගමන් චාන් යීබො දිහා ඇස් කොනින් බැලුවා. "ඇත්තටම සීන්ගෙන් හැමදේම දැනගත්තට පස්සේ මට හිතුනා මේ මට එහා පැත්තේ ඉන්න මෝඩයගේ හදවත හොල්ලන්න ඔයා තමයි හරියනම කෙනා කියලා."

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now