Chapter 2: Dirty Game

888 210 12
                                    

යීබො කවදාවත් එයාගේ විවාහය ගැන කාටවත් කම්ප්ලේන් කරන්න ගියේ නෑ. මොකද ඒක වැඩකට ඇති දෙයක් නෙවේ වගේම කාලය නාස්ති කිරීමක්. මොකද එයාගේ ගෙදර අයමයි එයාට බලපෑම් කරලා හේ සීන්ව එයාගේ කරේ ගැහුවෙ.

මුලින්ම උනේ යීබොගේ තාත්තා මේ විවාහයෙන් පවුල් දෙකටම ලැබෙන ප්‍රතිලාභ ගැන කිය කිය කිසිම බලපෑමකින් තොරව යීබොව මේකට කැමති කර ගන්න ට්‍රයි කරපු එක. ඒත් යීබො කැමති උනේ නැති උනහම ටික දවසකින් ඒක ඉබේම warnings, තර්ජන ගර්ජන බවට පත් වෙලා යීබොට බලපෑම් කරන්න ගත්තා.

යීබොගේ තාත්තා ඒ විදියට එයාට තර්ජනය කරේ නැත්තන් යීබො කවදාවත් He Sean ට එයාගේ ජීවිතේට ඇතුල් වෙන්න ඉඩ දෙන් නෑ.ඒත් දැන් හැරවීමක් නෑ. හැමදේම වෙලා ඉවරයි. දැන් එයාට කරන්න තියෙන්නේ හැමදේම ඉවසන් ඉදලා මේ අපායෙන් ගැලවෙන්න විදියක් හොයා ගන්න එක.

යීබො ඉන්නේ ලස්සන කාමරේක, එයාට ඉස්සරහට යන්න තියෙන එකම ශක්තිය, එයාගේ එකම සැනසීම දිහා බලාගෙන. අහිංසක චූටි Wang Feng බිම වාඩි වෙලා legos එක්ක සෙල්ලම් කරනවා, එයාගේ වටේට වෙන දේවල් කිසි දෙයක් දන් නැතිව. Tiantian එයාගේ චූටි ඔලුව උස්සලා බැලුවම එයාගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනේ එයාගේ තාත්තව දැකලා.

"Daddy!"

"Tiantian daddy නැතුව පාලුවෙන්ද හිටියේ?" යීබො එයාගේ පුතා දිහාට ඇවිදන් ගියා.

"Daddy Tiantian එක්ක සෙල්ලම් කරන්න එනවද?" චූටියා නැගිටලා එයාගේ තාත්තගේ කකුලේ එල්ලුනා. "Tiantian miss you daddy.."

"I missed you much more my prince."
යීබො පහලට නැමිලා එයාගේ පුතාව ආදරයෙන් වැලද ගත්තා.
" මන් ඔයා ආස වෙන ගොඩක් තෑගි ගෙනාවා."

"Sweets?" චූටියා එයාගේ චූටි දත් ටිකම පෙන්නලා හිනා වුනා.

"ඔව් ස්වීට්සුත් තියෙනවා." යීබෝ ඔලුව වනලා චූටි පුතුගේ නලලින් හාදුවක් තිබ්බා.

"එතන ගොඩක් තියෙනවද? මන් daddy sean ටත් ටිකක් දෙනවා."

"ඔයාගේ daddy sean sweets කන් නෑනේ. ඒ නිසා ඔයාට ඒ ඔක්කොම කන්න පුලුවන්." යීබො පුතාගේ ඔලුව අත ගෑවා.

"නෑ එයා මන් දුන්නොත් කයි. ඒ හින්දා මන් තියා ගන්නවා." චූටියා එයාගේ තාත්තට එහා පැත්තෙන් වාඩි උනා. "එන්න daddy, tiantian ට මේකෙන් මාලිගාවක් හදලා දෙන්න."

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Dove le storie prendono vita. Scoprilo ora