Chapter 8: Strange Behaviour

736 189 50
                                    

Candy shop එකේ හමුවීමත් එක්ක චානුයි යීබොයි ආයේ වචනයක්වත් කතා කරේ නෑ. දෙන්නට දෙන්නා එයාලගේ දුර maintain කරන් හිටියා. Wang නිවසේ වාතාවරණයත් ටික ටික වෙනස් උනේ වෙනදා තිබුන tension එක නැති වෙලා, හැමවෙලේම වගේ ඇහෙන රණ්ඩු සරුවල් අඩු වෙලා තත්වය සාමකාමී වෙද්දී.

වෙනදට ඇති වෙන ගහ මරා ගැනීම්, බඩු පොලවේ ගැසීම් ආපහු ඇති උනේ නෑ. ගෙදර වැඩ කරන staff එක උනත් බලන් හිටියේ එයාලගේ young master එයාට ඕනේ වෙලාවට තාමත් යනවා එනවා උනත් වෙනදට එහෙම යද්දි එද්දි ඇති උන රණ්ඩු තිබුන් නෑ. ඒවගේම එයාලා notice කරා සීන්ගේ පෙනුමේ වෙනස්කම්. සීන් තාමත් හරිම වැදගත්, elegant විදියට ඇන්දට වෙනදට එයාගේ පෙනුමේ තිබුන arrogant නපුරු ගතිය කැපිලා පෙනුන් නෑ. සමහර කට්ටිය සීන්ගේ මේ වෙනස ගැන පුදුමයට පත් උනත් staff එකේ සමහර අයට නම් ඕනේ උනේ සීන්ගේ ඇග ඇතුලේ ඉන්න යක්ෂයා අවදි නොකර පුලුවන් තරම් එයාගෙන් ඈත් වෙලා ඉන්න එක.

දින ගනන් ගෙවිලා යද්දි චාන් එයාගේ role එකට හැඩගැහුනා. ඒත් එයාට He family එක ඉස්සරහා ඒක ගොඩක් අමාරු උනා වගේම එයා ගොඩක් worry උනා. ඒත් චාන් ඒ අභියෝගෙත් ජය ගත්තේ He Sean ගේ දෙමව්පියන් එයාව අදුර ගත්තේ නැති නිසා. ඒ දෙමාපියන්ට සීන්ගේ වෙනසක් තේරුන් නෑ.

He family එකත් එක්ක interact වෙද්දි චාන්ට තේරුන එක දෙයක් තමයි සීන්ගේ මේ ගති පැවතුම් ඔක්කොම එයාගේ අම්මයි තාත්තයි එයාව හදලා තියෙන විදිය නිසා ඇති උන ඒවා බව. සීන් ඔය විදියට හරි ඉතුරු උන එක ගැන චාන් පුදුම උනේ සීන්ගේ පියා ඒ තරම් අවස්ථාවාදී වගේම අප්‍රසන්න චරිතයක් වෙද්දී, ඔහුගේ මව නොසැලකිලිමත් චපල මවක් වීමයි. ඉතින් දරුවෙක් විදියට සීන් යන්නේ එයාලගේ මාර්ගෙම නෙවෙයිද?

ඉතින් සීන්ට එයාලත් එක්ක කාලය ගත කරන එක එපාම කරපු වැඩක් උනා. ඒ නිසා චාන් සීන්ගේ දෙමාපියන් සමග ගත කරන කාලය ගොඩක් අඩු කරා. ඒකෙන් එයාට අහු නොවී ඉන්නත් පුලුවන්නේ. ඒත් ඇත්තටම චාන්ට සීන් පව් කියලා හිතුනේ මේ වගේ පවුල් පරිසරයක හැදිලා වැඩුන නිසා.

එයාගේ part එක හැටියට යීබො චාන්ව ගනන් නොගෙන ඉන්න තීරණය කරා. හැබැයි එයා හැමවෙලේම සීන් ගැනයි එයාගේ පුතා ගැනයි ඇහ ගහන් ඉන්න කෙනෙක්ව යෙදෙව්වා. මොකද යීබොට කොහෙත්ම ඕනේ නෑ සීන්ගේ තියෙන පිස්සු mindset එකෙන් Tiantian ව එයා use කරන විදිය බලන්න.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now