Chapter 17: When a rabbit attacks

643 180 46
                                    

එයාලගේ ඉස්සරහා Darren Wang ඉන්නවද දැකලා චාන්ගේ මුළු ඇඟම ගල් වෙලා ගියා. මෙහෙම දෙයක් වෙන්නෙ කොහොමද? එයා දැනගෙන හිටියේ මෙයා සීන්ගෙ lover කියල විතරයි. ඉතින් එයා කොහොමද යීබොගේ ළඟම cousin උනේ.

චාන්ට හිතාගන්න බැහැ යීබොගේ ළඟම දෙන්නෙක් එකතු වෙලා එයාට මෙහෙම කරන එක ගැන. හැමෝම ඉස්සරහ වෙන මූනක් පෙන්නලා රගපානවා විතරයි.

චාන් බොහොම සීරුවෙන් Darren ව දැක්ක ගමන් යීබොගේ තිබුන reaction එක දිහා බලන් හිටියේ. චාන් සීන් විදියට ආවත් හරි කවදාවත් දැකල තිබුන් නැහැ ලයිලට හෝ එයාගේ පවුලේ අය එක්ක ඇරෙන්න යීබො මෙච්චර ලං වෙලා කෙනෙක් එක්ක ඉන්න විදිහ. ඒකෙන්ම තේරෙනවා යීබො darren එක්ක කොච්චර හොද සම්බන්ධයක් තියෙනවද කියලා. චාන් දැක්කේ යීබො එයාගේ පවුලේ අනිත් අයට වඩා darren එක්ක ගොඩක් යාලුයි කියලා වගේම යීබො darren ට එයාගෙම සහෝදරයෙක්ට වගේ ගොඩක් ආදරෙයි කියලා. එයාලා cousins ලා උනත් ඇත්තටම එක කුසේ උපන් සහෝදරයෝ දෙන්නෙක් තරමට close.

ඒ වෙලාවේ ඇත්තටම චාන්ට ගොඩක් තරහා ගියා.කොච්චර තරහ ගියාද කියනවා නම් Darren Wang ගේ මූන සමතලා වෙන්න එකක් දෙන්න හිතුනා. එයා කොහොමද එයාට මෙච්චර ආදරේ කරන, එයාව මෙච්චර විශ්වාස කරන යීබොට වංචා කරන්නේ? ඒත් එයාට ඒකට මුකුත්ම කරන්න විදියක් නෑ. මොකද එයත් ඒකම නෙමෙයි ද මේ කරන්නේ? යීබොව වෙන කෙනෙක් විදිහට රවට්ටන එක?

"Darren.." චාන් එයාගෙ මූණෙ තිබුණ කැලඹුණ ගතිය හංගගෙන අතට අත දුන්නා. "ඔයාට කොහොමද?"

"ඔයාට තරම් නම් හොඳ නෑ brother in law.." Darren හිනා උනා. "ඔයා එන්න එන්නම ලස්සන වෙනවනේ."

"අපේ අම්මයි තාත්තයි ආවද?" යීබො Darren ගෙන් ඇහුවා.

"ඔව් දෙන්නම ආවා. අපේ අම්මලත් එක්ක ඉන්නවා . එන්න මං ඔයාලව එක්ක යන්නම්." ඔහු යීබොවයි චාන්වයි එක්කන් ගියා.

"ඔයා කොච්චර දවස් ඉන්නවද?" යීබො ඇහුවේ චාන් දිහාම ආපු වෙලේ ඉදන් බලන් ඉන්න Darren ගෙන්.

"ඕ.. මං ආවෙ පාටි එකට ඉඳලා යන්න විතරයි. මම තව දවස් දෙකකින් යනවා."

"ඔයා තාමත් teenage adventure සීන් එකේ නේද ඉන්නේ? තාම traveling පිස්සුව අඩු නෑ නේද?" යීබො හිනාවුනා

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Onde histórias criam vida. Descubra agora