Chapter 14: Doing things right sometimes costs

614 207 55
                                    

"ඔයා breakfast එකට family එකත් එක්ක කන්න ආවෙත් නෑ lunch වලට ආවෙත් නෑ. අපි කතා උනා හැමදේම හරි විදියට කරන්න, නෑ රගපාන්න... මේක ඉවර වෙනකන්. ඒත් ඔයා ඔයාගේ attitude එක අදත් පෙන්නුවා."
යීබො කිව්වේ ඇද ලගට ඇවිදන් යන ගමන්.

"මන් shopping ගියා. අවශ්‍ය බඩු ටිකක් ගන්න." චාන් කිව්වේ එයාගේ ලැප් එක චෙක් කරන ගමන්.

"ඔයාගේ family එකත් එක්ක ඉන්නවට වඩා ඔයාට shopping කරන එක ලොකුයිද? මන් දන්නවා ඔයා මගේ family එකත් එක්ක එකතු වෙන්න කැමති නෑ කියලා. ඒත් අඩු ගානේ ඔයාව අගේ කරන, ඔයා ගැන වදවෙන මගේ පපා වෙනුවෙන්වත් ඔයාට ඒක කරන්න බැරි උනාද?"

"මන් ඔයාට කිව්වනේ. මන් බඩු වගයක් ගන්න ගියේ. ඒ මට ඕනේ ඒවා නෙවෙයි. අද රෑට ඕනේ වෙන ඒවා." චාන් සුසුමක් හෙලුවා.

"ඒ කියන්නේ ඔයා අද රෑට පැනලා යන් නෑ." යීබො කට කොනකින් හිනාවුනා.

"ඔයාට පොඩ්ඩක් හරි හිතිලා තියෙනවද මට පොඩ්ඩක් පාඩුවේ ඉන්න දෙන්න ඕනේ කියලා. මන් මේ වෙලාවේ පොඩ්ඩක් busy. ඒ වගේම මගේ ඔලුව පුපුරන්න වගේ."

"Busy? ඔයා කවදා ඉදන්ද busy වෙන්න ගත්තේ? ඔයා කරන්න දන්නේ හැමදාම විනෝද වෙන්නයි, carefree විදියට ඉන්නයි විතරනේ."

"ඇත්තටම යීබො..." චාන් ලැප් එක සද්දෙ එන විදියට වැහුවා. "ඔයාට මාත් එක්ක එල්ලෙන් නැතුව එක විනාඩි 5ක් ඉන්න බැරිද?"

යීබොට ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් තිබුන් නෑ. ඇත්තටම බැන්දත් හරි සීන් තමයි මුලින් එයාට attack කරේ. ඉතින් ඇයි එයාට එහෙම කරන්න බැරිද? එයාට ඕනේ නම් සීන් එක්ක එල්ලි එල්ලි යන්න එයා දෙපාරක් හිතන් නැතුව ඒක කරනවා. මොකද සීන් කියන්නේ වෛරයටත් විවේචනයටත් ලක් වෙන්න සිදුසු කෙනෙක්.

ඒත් යීබොගේ හිතේ තිබුන ඒවා වචන වෙලා එලියට ආවේ නෑ. මොකක්දෝ හේතුවකට සීන්ගේ මූනේ තිබ්බ offense ලුක් එක දැකලා යීබොගේ මුව ගොලු වෙලා ගියේ ආපහු වතාවක් එයාගේ හිතට ලොකු වරදකාරී හැගීමක් ඇති වෙද්දි.

එයාට ඒකට උත්තර දෙන්න ඕනේ, එකට එක කියන්නත් ඕනේ. එයාට තව රණ්ඩු වෙන්නත් ඕනේ. ඒත් යීබො එයාගේ හැම හැගීමක්ම යටපත් කරගෙන එයාගේ closet එකට ගියා. ඊට පස්සේ රෑට අදින්න තියෙන එයාගේ suit එකයි අනිත් අවශ්‍ය ඔක්කොමයි අරගෙන කාමරයෙන් පිටත් උනා. අඩු ගානේ රෑට ඔයා ඇවිත් ඉන්න ඕනේ කියලාවත් මතක් කරේ නෑ.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]حيث تعيش القصص. اكتشف الآن