Extra 1: Family of Four

731 156 29
                                    

"එන්න LingLing, මන් ඔයාට මේ puzzle එක හදන හැටි කියලා දෙන්නම්."

"බනී... LingLing තාම පොඩීනේ. එයාට ඕක තේරෙන් නෑ." චාන් හිනාවුනා.

"ඒකට කමක් නෑ ඩැඩී... මට එයාට උගන්වන්න පුලුවන්." Tiantian එයාගේ චූටි නංගිගේ අතින් අල්ල ගත්තා. "මන් ලග වාඩි වෙන්න." Tiantian ඇයව එයාගේ ලගින් වාඩි කර ගත්තා.

"මට ඔයා ගැන හුගක් සතුටුයි. ඔයා ඇත්තටම හොද අයියා කෙනෙක් බනී..." චාන් චූටියගේ ගේ ඔලුව අත ගෑවා.

"Daddy lion මට හැමවෙලේම කියනවා ලොකු අයියා විදියට මන් හැමවෙලේම LingLing වයි, Bai වයි, Xiang'er වයි බලාගන්න ඕනේ කියලා."

"ඒක හරි. ඔයා හොද ලොකු අයියා කෙනෙක් වෙන්න ඕනේ ඒ හැමෝටම. Daddy Sean හැමවෙලේම කියනවා ඔයා එයාලව බලාගන්න විදිය දැක්කම එයාට ගොඩක් සතුටුයි කියලා."

"Daddy.. කවද්ද මගේ daddy sean මාව බලන්න එන්නේ?" චූටියා කම්මුල් පිම්බුවා.

"මම දන්නෙත් නෑ. එයාට Japan වල ප්‍රශ්න වගයක් විසදන්න තියෙනවලු. දවසක් කියන්න බෑ කිව්වා." චාන් සුසුම් හෙලුවා.

"මට Bai වයි, Xiang'er වයි ගොඩක් මිස් වෙනවා. ඇයි එයා එයාලවත් අරන් ගියේ?" චූටියා තොල් උල් කරා.

"Daddy Sean Bai ටයි, Xiang'er ටයි ගොඩක් ආදරෙයිනේ. එයාට ඒ දෙන්නා නැතුව ඉන්න බෑ."

"එතකොට මට? Daddy Sean මට ආදරේ නැද්ද?"

"එයා ඔයාටත් ගොඩක් ආදරෙයි."

"එහෙනම් ඇයි එයා මාව අරන් ගියේ නැත්තේ?"

"එයා ඔයාව එක්කන් ගියේ නැත්තේ ඔයා ගියොත් මට ගොඩක් දුකයි පාලුයි කියලා දන්න නිසා."

"මට තේරුනා. මාත් කැමති නෑ මගේ daddy rabbit දුකින් ඉන්නවට. ඒ නිසා මන් ඔයාව දාලා කොහෙවත් යන් නෑ." චූටියා හිනාවුනා.

"දැදී!" චූටි කෙල්ල යීබොව දැකලා බිම දණගාගෙන යන ගමන් කෑගැහුවා. "දැදී!"

"කොච්චර ලස්සන පිලිගැනීමක්ද?" යීබො චූටි දුවව අතට ගන්න ගමන් කිව්වා.

"Daddy!" Tiantian නුත් යීබො ලගට දුවගෙන ගියා

"හැම දවසකම මගේ සතුටුම මොහොත මේක තමයි." යීබො චූටියෝ දෙන්නව අත් දෙකට වඩා ගනිමින් කිව්වා. "එතකොට මගේ වැඩිහිටි හාවා? එයා එන් නැද්ද හස්බන්ඩ්ව පිලිගන්න."

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Donde viven las historias. Descúbrelo ahora