Chapter 7: My Way

670 179 31
                                    

"ඔයා කිව්වේ එයා දවල් ඉදන් හිටියේ Tiantian ලග කියලද?"

"නැනී මට එහෙම තමයි කිව්වේ."

"මොනවටද ඒ පාර අර අදින්නේ? ඒ bitch ට මෙච්චර කල් දරු කැක්කුමක් තිබුන් නෑ නේ."

"අද උදේ ඉදන් Tiantian හිටියේ ගොඩක් සතුටින්. එයා නැගිට්ට වෙලේ ඉදන් කිව්වේ එයා කොච්චර සෙල්ලම් කරාද කියලා daddy ලග ඉදන්. හැබැයි මම He Sean ගැන හොදට දන්නවා. එයා මෙච්චර කාලෙකට Tiantian චූටි දරුවෙක් කියලාවත් හිතුවේ නෑ. හැබැයි මටත් පුදුම ඊයේ එයා වෙනදා වගේ Tiantian ට mistreat කරලා නැති එක."

"ඔයාගේ ඔලුවේ මොනවද වැඩ කරන්නේ යීබො?"

"මටත් හිතා ගන්න බෑ. හැබැයි එයා මගේ දරුවට මොනවා හරි කරොත් මන් මගේ මේ අත් දෙකෙන්මයි ඕකව මරන්නේ?"

"ඔයාට බෑ එයාට Tiantian ව use කරන්න ඉඩ දෙන්න. එයා තාම චූටි අහිංසක දරුවෙක් විතරයි."

"මන් දන්නවා. මමත් ගොඩක් කැමති Tiantian ව එයාගෙන් සම්පූර්ණයෙන් අයින් කරලා තියන්න... සදහටම.. ඒත් මගේ පුතා එයාට ගොඩක් ආදරෙයි. ඒ නිසා මම මගේ පැටිවය එයාගෙන් වෙන් කරොත් මගේ පුතා මට සදහටම වෛර කරයි."

"මට නම් පුදුම තරහක් එන්න. He Sean Tiantian ගේ ආදරේ ලබන්න සුදුසු කෙනෙක් නෙවෙයි. එයා කවදාවත් හොද තාත්තා කෙනෙක් වුනේ නෑ. අඩු ගානේ එයා තාත්තා කෙනෙක් විදියට කවදාවත් Tiantian දිහා බැලුවෙවත් නෑ නේ."

"මටත් මේ ගැන ගොඩක් තරහයි. ඒත් මට මේකට කරන්න කිසිම දෙයක් නෑ. මගේ පැටියට තියෙන්නේ ගොඩක් පිරිසිදු වගේම ලස්සන හදවතක්. එයා කවුරු කොහොම කෙනෙක්ට උනත් උතුරන්න ආදරේ දෙනවා. මට එක වෙලාවකට හිතා ගන්න බෑ එයා අපි දෙන්නගේ දරුවෙක් වෙලා එහෙම උනේ කොහොමද කියලා. මොකද තාත්තා උන මටවත් එච්චර ලස්සන පිරිසිදු හදවතක් නෑ. He Sean කොහොමද කියලා කියන්න ඕනේ නෑ නේ."

"Tiantian කියන්නේ ගොඩක් unique දරුවෙක්." ලයිලා හිනාවුනා.

"එන්න යීබො investors ලා ඔක්කොම ඇවිත් ඉන්නේ." ඇය පුටුවෙන් නැගිට්ටා. "Good luck"

Wang Yibo හිටියේ ඉන්දුනීසියන් රෙස්ටුරන්ට් එකක VIP ඒරියා එකේ investers ලා 6 දෙනෙක් වට කරගෙන. අනිත් අය සිගරට් බොන ගමන්, alcohol ගන්න ගමන් කතා කරමින් හිටියට යීබො හිටියේ ලොකු කල්පනාවක ගිලිලා.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now