Chapter 30: Discovering the truth

662 178 50
                                    

මහා පාන්දර තද නිල් පාට කාර් එකක් full speed එකෙන් පාරේ ගමන් කරනවා. ඒකේ ඇතුලේ ඉන්න තරුනයා ඉන්නේ ගොඩක් කලබල වෙලා වගේම එයා පාර දෙපැත්ත බල බල යන්නේ බයෙන් වගේම කනස්සල්ලෙන්.

Sunan ක්ශනිකව break එක පෑගුවේ dim street light එලියට පාරේ අයිනේ තරුනයෙක් බිම වාඩි වෙලා දනිස් දෙකේ මූන ඔබන් ඉන්නවා දැකලා. Sunan කාර් එක නවත්තලා ඒ තරුනයා දිහාට දුවන් ගියා. කාගෙ හරි අඩි සද්දෙ ඇහිලා එයා ඔලුව උස්සලා බැලුවා. එයාගේ මූන වගේම ඇස් දෙක හොදටම ඉදිමිලා, රතු වෙලා තිබ්බා. මූන සම්පූර්ණයෙන් කදුලු වලින් තෙමිලා.

"ZhanZhan මොකක්ද දෙවියනේ උනේ?" Sunan ටක් ගාලා එයාගේ coat එක චාන්ගේ උරහිස වටා පැලදුවා.

"සොරි මේ වගේ වෙලාවක කරදර කරාට." චාන්ගේ voice එක හොදටම වෙනස් වෙලා තිබුනේ අඩලම.

"ආපහු කවදාවත් ඕක කියන්න එපා. ඔයාව මට කරදරයක් නෙවෙයි. ඔයා මට එන්න කියලා කිව්වට මොකද උනේ කිව්වේ නෑ නේ. මොකක්ද උනේ චාන්? කවුරු හරි ඔයාට රිද්දුවද? කරදරයක් කරාද? කියන්න මට." Sunan චාන්ගේ මූන එයාගේ දෝතට අරන් චාන්ගේ කදුලු එයාගේ මාපට ඇගිල්ලෙන් පිහිදැම්මා.

"නෑ. කවුරුත් මට රිද්දුවේ නෑ. ඇත්තටම මම තමයි වෙන කෙනෙක්ට රිද්දුවේ."

"මොනවද ඔයා කියන්නේ?"

"යීබෝ..එයා මන් ගැන දැනගෙන." චාන් ආපහු අඩන්න පටන් ගත්තා.

"මොකක්? කොහොමද?" Sunan tense උනා.

"මම දන් නෑ. එයා මන් ගැන දැනගෙන දැන් ටික දවසක් වෙනවලු. ඒත් එයා මට ඒක කිව්වේ අද."

"එයා ඔයාට මොනවා හරි කරාද?" Sunan නලල රැලි කර ගත්තා. "මොකද ඒක එහෙම උනොත් මන් දිවුරනවා.."

"නෑ.. එයා මුකුත්ම කරේ නෑ." චාන් ටක් ගාලා කිව්වා. "ඒත්... ඒත් මන් දැන් මොකද කරන්නේ? ලොකු ප්‍රශ්නයක් වෙයි දැන්. එයාලා මාව මගේ දරුවගෙන් අයින් කරයි. මගේ පුතා දැන ගත්තොත් මන් එයාගේ daddy sean නෙවෙයි කියලා එයා මට වෛර කරයි දෙවියනේ...මට එයාව නැති වෙයි... " චාන් දනිස් දෙකේ මූන ඔබාගෙන අඩන්න පටන් ගත්තා.

"එහෙම වෙන් නෑ. මන් එහෙම දෙයක් වෙන්න ඉඩ තියන් නෑ." Sunan චාන්ව වැලද ගත්තා.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now