Chapter 28: Putting the order

671 181 96
                                    

"He Sean!" Mrs Wang කෑගහගෙන චාන් ලගට දිව්වා.

"සීන්! පුතේ..." Mr Wang සීන් ඉන්න තැනම දණ ගහගෙන චාන්ගේ මූන එයාගේ අත් දෙකට ගත්තා. "අනේ මට සමාවෙන්න. ඇයි ඔයා මැද්දට පැන්නේ?"

"ඇති පපා.. දැන් ඕක නවත්තන්න." චාන් අමාරුවෙන් හුස්ම ගන්න ගමන් කිව්වා.

"තමුසේ කාවද අවුස්ස ගත්තේ කියලා දැක්කද? මේ ඔක්කොම තමුන්ගේ වැරැද්ද!" Yifeng යීබොට තරහින් කෑගැහුවා.

"ඔයාට ඇත්තටම මෝඩ වැඩ කරලා මහන්සි නැද්ද?" Krist යීබොට කෑගැහුවා.

"ඔයා හොදින්ද දරුවෝ?" Mrs Wang ලේන්සුව අරන් චාන්ගේ කටේ තියෙන ලේ පිහිදැම්මා.

"මන් හොදින්." චාන් දුර්වල සිනහවක් දුන්නා.

"මගේ දරුවෝ... ඇයි ඔයා මැද්දට පැන්නේ? ඔයාට එහෙම නොකර ඉන්නයි තිබුනේ. සමාවෙන්න පුතේ. ඔයාගේ පපාට සමාව දෙන්න." Mr Wang දුකෙන් කිව්වා.

"ඒකට කමක් නෑ පපා. මන් හොදින්." චාන් Mr Wang ගේ අතට තට්ටු කරා.

යීබො තාමත් චාන්ගේ අත තදින් අල්ලගෙන උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව තුස්නිම්භූත වෙලා වගේ බලන් ඉන්නවා. එයාට හිතාගන්න බෑ සීන් ඇත්තටම එයාව ආරක්ෂා කරන්න එයාගෙයි පපාගෙයි මැද්දට පැන්නා කියලා. යීබො කොච්චර ශොක් වෙලාද හිටියේ කියනවා නම් තාත්තා ගහපු පාරවල් වලට එයාගේ ලේ ගලන මූන රිදෙන එකවත් දැනුන් නෑ. එයා බලන් හිටියේ ගැහෙමින් හිටියත් සීන් එයාට තුවාලයි කියලාවත් නොහිතා හිනාවෙමින් අනිත් අයගේ හිත හදන විදිය.

"බූරුවෙක් වගේ කොච්චර වෙලාවක් ඔහොම බලන් ඉන්නද හදන්නේ? එයාව නැගිට්ටවනවා." Mrs Wang යීබොට තරහින් කෑගැහුවා.

"නෑ ඕනේ නෑ මට පුලුවන් මමා." චාන් නැගිටින්න උත්සහා කරද්දී තුස්නිම්භූත වෙලා වගේ බලන් හිටපු යීබො හරි සිහියට ඇවිත් චාන්ට නැගිටින්න උදව් කරා.
"මම කිව්වනේ මන් හොදින් කියලා." චාන් නැගිටලා අනිත් හැමෝමත් එක්ක හිනාවුනා. "අපි හැමෝම පොඩ්ඩක් සංසුන් වෙලා ඉමු. මේ වගේ තැනක මෙහෙම scandal එකක් ඇති කර ගන්න එක හොද නෑ නේද?" චාන් යීබො දිහා බලන්නේවත් නැතුව එයාගේ අත ගසලා දැම්මා.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now