Chapter 20: Meddling

678 188 125
                                    

උදේ පාන්දරම ලයිලා හොස්පිටල් එකට ගියේ ඕනේ කරන hygiene supplies වගේම ඇදුම් කිහිපයක් තියෙන බෑග් එකක් අරන්. කලින් දවසෙ යීබොට කියන්නෙවත් නැතුව හොස්පිටල් එකෙන් එයාට යන්න උනේ Mrs Wang එයාට යීබො ලගට ගිහින් කම්ප්ලේන් කරන්නවත්, අනුකම්පාව දිනා ගන්න විදියට රගන්නවත් චාන්ස් එකක් නොතියම එතනින් දොට්ට දාපු නිසා.

ලයිලා Tiantian නවත්තලා ඉන්න කාමරේ දොර ඇරපු ගමන් දැක්ක දර්ශනෙත් එක්ක ඇස් දෙක උඩ ගිහින් මුලු ඇගම ගල් උනා. මොකද ඒක එයා හීනෙකින්වත් හිතපු දර්ශනයක් නෙවෙයි.

හොස්පිටල් බෙඩ් එකේ එයාගේ හොදම යාලුවා නිදාගෙන ඉන්නවා එයාගේ පුතයි හස්බන්ඩුයි එක්ක. චූටි Tiantian ඒ දෙන්නගේ අත් වලට මැදි වෙලා නිදියන් ඉද්දී යීබො චානුයි සුවසේ නිදන් ඉන්නවා නලලට නලල හේත්තු කරන්.

මේ දර්ශනය ලයිලගේ ඇගේ මාලු ගගේ නටවන්න සමත් උනා. එයා මේ ලෝකේ කැමතිම කෙනා එයා මේ ලෝකේ වැඩියෙන්ම වෛර කරන කෙනත් එක්ක නලලට නලල හේත්තු කරන් සාමකාමීව නිදියන් ඉන්නේ දකින කෙනාට "happy family" එකක් කියලා හිතන තරමට. ලයිලා ඇගේ තරහව බොහොම අමාරුවෙන් යටපත් කරගෙන මවාගත්ත හිනාවකින් යුතුව ගිහින් යීබොව හිමින් හෙලෙව්වා.

"Good morning boss, නැගිටින්න.." ඇය මෘදුව කිව්වා

"ම්ම්?" යීබො හිමින් ඇස් දෙක ඇරියා. "මොන මගුලක්ද?" යීබො ගැස්සිලා ගියේ සීන්ගේ මූන ඇස් ඇරපු ගමන් එයාගේ මූන් ලගම තියෙනවා දැකලා.
යීබො ටක් ගාලා ඇදෙන් වාඩි උනා.
"ඔයා කොයි වෙලාවෙද ආවේ?"

"මේ ආවා විතරයි. හැබැයි මට happy family එකක ලස්සන දර්ශනයක් මග ඇරුන් නෑ." ඇය හිනාවුනා.

"විහිලු කරන්න එපා." යීබො ඇදෙන් නැගිට්ටා.

"මේ ඔයාට ඕනේ කරන දේවල්. මන් ඔයාලගේ ගෙදර ගියහම nanny ඔක්කොම පැක් කරලා දුන්නා. Tiantian ට ඕනේ දේවලුත් තියෙනවා."

"Thank you. ඔයා එක පාරට ඊයේ කොහෙද ගියේ කියන්නෙත් නැතුව." යීබො ඇහුවේ බෑග් එක අතට ගන්න ගමන්.

"ආහ්.. මට පොඩි වැඩකට යන්න උනා." ඇය නිදාගෙන ඉන්න චූටියයි චානුයි දිහා බැලුවා. "මන් ඇහුවට කමක් නැද්ද.."

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now