Prologue

2.9K 255 25
                                    

𝘖𝘯𝘦 𝘥𝘢𝘺 𝘐'𝘭𝘭 𝘢𝘳𝘳𝘪𝘷𝘦 𝘪𝘯 𝘢 𝘥𝘪𝘴𝘨𝘶𝘪𝘴𝘦
𝘐𝘯 𝘥𝘪𝘧𝘧𝘦𝘳𝘦𝘯𝘵 𝘤𝘰𝘭𝘰𝘳 𝘤𝘰𝘴𝘵𝘶𝘮𝘦
𝘞𝘪𝘵𝘩 𝘵𝘩𝘦 𝘴𝘢𝘮𝘦 𝘧𝘢𝘤𝘦
𝘐 𝘸𝘪𝘭𝘭 𝘮𝘢𝘬𝘦 𝘺𝘰𝘶 𝘩𝘦𝘢𝘳𝘵𝘭𝘦𝘴𝘴
𝘠𝘰𝘶 𝘸𝘰𝘯'𝘵 𝘦𝘷𝘦𝘯 𝘳𝘦𝘢𝘭𝘪𝘻𝘦
𝘛𝘰 𝘨𝘪𝘷𝘦 𝘺𝘰𝘶 𝘮𝘺 𝘩𝘦𝘢𝘳𝘵.

𝘐'𝘭𝘭 𝘨𝘰 𝘴𝘭𝘰𝘸𝘭𝘺
𝘭𝘰𝘷𝘪𝘯𝘨 𝘺𝘰𝘶 𝘮𝘰𝘳𝘦
𝘢𝘯𝘥 𝘐 𝘸𝘪𝘭𝘭 𝘵𝘢𝘬𝘦 𝘤𝘢𝘳𝘦 𝘰𝘧 𝘺𝘰𝘶
𝘐𝘯 𝘵𝘩𝘦 𝘨𝘰𝘰𝘥 𝘢𝘯𝘥 𝘵𝘩𝘦 𝘣𝘢𝘥
𝘐 𝘸𝘪𝘭𝘭 𝘨𝘪𝘷𝘦 𝘺𝘰𝘶 𝘩𝘦𝘢𝘷𝘦𝘯
𝘐 𝘸𝘪𝘭𝘭 𝘣𝘦 𝘺𝘰𝘶𝘳 𝘴𝘩𝘦𝘭𝘵𝘦𝘳
𝘐 𝘸𝘪𝘭𝘭 𝘨𝘪𝘷𝘦 𝘮𝘺𝘴𝘦𝘭𝘧 𝘵𝘰 𝘺𝘰𝘶
.
.
.

"ඇයි? ඒක ඔයාට fun එකක්ද?"

"එහෙම දෙයක් නෙවෙයි." චාන් ගැඹුරු හුස්මක් අරන් අඩි දෙකකින් යීබො ඉස්සරහට ආවා.
"මන් කියන දේ අහන්න. ඔයාව පාවිච්චි කරලා fun එකක් ගන්නවත් ඔයාට කිසිම කරදරයක් කරන්නවත් මට බලාපොරොත්තුවක් තිබුන් නෑ. ඔයාට විතරක් නෙවෙයි. TianTian ටත්.

"මොකක්ද?" යීබො කින්ඩියට වගේ හිනා වුනා. "ඔයා දැන් මට කියන්න හදන්නෙ ඔයාට මන් ගැන හැගීමක් ඇති වෙලා තියෙන්නේ කියලද? ඒ වගේම මගේ පුතා ගැනත්?

"...." චාන් තොල තදින් හපාගෙන බිම බලා ගත්තා.

"ඒකත් එහෙමද?" යීබො හයියෙන් හිනාවුනා.

"ඔයා ඇත්තටම හිතනවද මන් ඒක විශ්වාස කරයි කියලා. කොහොම උනත්.." යීබො කතාව නතර කරලා චාන් දිහා බැලුවා. "ඔයාගේ හැගීම් මට return කරන්න බෑ. දන්නවද ඒ ඇයි කියලා?"

"ඇයි?" චාන්ගේ කටහඩ ඇහුනේ හරිම හිමින්.

"ඔයා හිතනවද ඔයාගේ ඔය මූන දැක්කම මට ආදර හැගීම් ඇති වෙයි කියලා? ඔයා දන්නවද ඔයාගේ පෙනුම තියෙන අනිත් කෙනා මගේ ජීවිතේ කොච්චර අපායක් කරාද කියලා. ඔයා දන්නවද එයා නිසා මන් වින්ද දුක? එයා නිසා මන් කොච්චර ප්‍රශ්න වලට මුහුණ දුන්නද කියලා? මට මගේ පුතාව නැති කර ගන්න බැරි හින්දා මට මගේ දුක වේදනාව තරහව හැමදේම හිරකරගන්න උන විදිය? ඔයා දන් නෑ මන් එයාට කොච්චර වෛර කරනවද කියලා. මගේ මුලු ජීවිතෙන්ම..." අන්තිම වචන ටික යීබො කිව්වේ කෑ ගහලා.

"ඔයාට අඩු ගානේ..." චාන් අත් දෙක ගුලි කරගෙන ඔලුව උස්සලා යීබො දිහා බැලුවේ කදුලු පිරුනු ඇස් වලින්. "ඔයාට මගේ මූණ අමතක කරලා මගේ හදවත දිහා බලන්න බැරිද?" චාන් යීබොගේ අත අරගෙන එයාගේ පපුව උඩින් තිබ්බා. "මෙතන... ඔයාට දැනෙනවද? මගේ පපුව වේගයෙන් ගැහෙන විදිය? ඒක එහෙම වෙන්නේ ඔයා මගේ ලග ඉද්දි හරි ඔයා මන් දිහා බලද්දි හරි විතරයි යීබෝ I lo..."

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now