දවසින් දවස නොදැනිම කාලය ගෙවිලා යද්දි උදාඋන තවත් දවසක උදේ රැස්වීම ගෙවෙද්දී,මැද මිදුල කෙලවරේ සැරියුත් මුගලන් මල් වැටිය ළඟට වෙලා මමත් උදේ රැස්විමට එකතු වෙන ගමන් උන්නා...නුවී ළඟ නතර වෙලා තිබුණ මගේ ඇස්..මටත් නොදැනිම...මල් වැටට උඩින් ආයි ආයිමත් පිටුපසට හැරෙන ගමන් ගේට් එක දිහාවට ගියා....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. එයා නෑ... ශලික සර් අද නෑ...මගෙ බැල්මක් පවා එයාට අහු නොවෙන්න මං පුළුවන්තරම් පරිස්සම් වෙද්දි...අපේ ඇස් එකට ගැටෙන වාර ගාණ සිමිත උණා...ඒ උණත් ඒ බැල්ම විටින් විට මං ළඟම නතර වෙලාදො සැකයක් විටින් විට ඇති උණත්,ඒ සැකේ තහවුරු කරගන්න ඕනා නිසාමවත් ඒ වගේ වෙලාවට එයා දිහා නොබලා ඉන්න මං මටම තරවටු කරගත්තා..අනිත් අතට මගෙ ඇස් මටම අකීකරු වෙද්දි...එයාගෙ ඇස් වලට මාව අහු නොවෙන බව තහවුරු වෙන හැම මොහොතකම මගෙ ඇස් නොකඩවා එයාව ලුහු බැන්ඳා වෙද්දි ඒ ඇස් එක්ක නොගැටෙන්න තහංචි දැම්මා උණත්, එයා අහල පහලක ඉන්නවා කියන සිතුවිල්ලෙන් පවා සැනසෙන්න...මටත් නොදැනිම මං පුරුදු වෙලා හිටියා...
ඉතිං අදත් මගෙ ඇස් එයාව හෙව්වා...එයා ළඟ පාත කියලා සැනසෙන්න මගෙ හිත බලන් හිටියා...අද එයාගෙ බයික් එක ස්කූල් එන අතර මඟදී ඇහැ නොගැටෙද්දී...උදේ රැස්විම ඉවර වෙද්දිත් එයාගෙ හෙවනැල්ලක්වත් නැති වෙද්දි...පළවැනි වතාවට එයා නැති පාළුව මං අත් වින්ඳා...ඒ රූපේ දකින්න මගෙ ඇස් මඟ බලන තරම්...මුල් වතාවට මට තේරුම් ගියා...මටත් නොදැනිම...මට අහිමි ඒ රූපෙට...මං ඇබ්බැහි වෙලා තියෙන තරම් දැණෙද්දී...මට මාවම අදහා ගන්න බැරි උණා...
ඇස් දෙක වටේ දිව්වත් ටිකින් ටික බලාපොරොත්තු කඩ වෙද්දි...නුවීව ක්ලාස් එකට දාපු මං...ක්ලාස් එක පෙනෙන මානෙන්...අදත් ගල් බැම්ම උඩ වාඩි උණා...වට පිටාවම පාළුයි...මට දැනුණේ මගෙ සිතුවිලි වල පවා අසම්පූර්ණ බවක්...එයා නිවාඩු ඇති... එහෙම දවසුත් එනවානේ...ඒත් අද සිකුරාදාවක් බව මතක් වෙද්දි මගෙ හිතට අමුතු බරක් දැනුණා...
![](https://img.wattpad.com/cover/342588780-288-k467.jpg)
YOU ARE READING
❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 Complete
Fanfiction👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪