"අප්පත්තිඔ...."
"බහින්න.."
"ස්..සර්..ඇ..යි මේ..."
සර්ගේ චමරියට ගිහිං ඇවිත් දවස් දෙකකට පස්සෙ දවල් කෑමෙන් පස්සෙ
නුවී එක්ක මං කොළඹ යන්න ගෙදරින් පිටත් උණා..යන්න කලින් බලලා යන්න ඕනා උණත් අදත් එයාට සෙමිනා එකක් වෙද්දි කෝල් එකකින් සමු දීපු මං නුවීවත් අරන් ගෙදරින් ආවත් ගුරුපාර දිගේ කිලෝ මීටර් දෙකකට කිට්ටු දුර ගෙවන් ඇවිත් ප්‍රධාන පාරට දාන්න ඔන්න මෙන්න තියෙද්දි දැකපු දේ එක්ක මට හිතන්නත් කලින් බ්රේක් එක පෑගුනා...මං තරමටම නුවීත් පුදුම වෙලා බලන් උන්නා වෙද්දි...මේ දැන් විනාඩි 10කට 15කට කලින් සෙමිනා එකේ ඉන්නවා කියාපු මනුස්සයා ඇවිත් ෂටර් එකෙන් එබිලා බලන් බහින්න කියද්දි මං බලන් හිටියේ කටත් ඇරගෙන...
"බහින්නකෝ ඉතිං කිව්වම.."
.......
"ආ දැන් ගිහිං අනික් පැත්තෙන් නඟින්න..."
එයා ආයිමත් බහින්න කියද්දි මොකුත් හිතාගන්න බැරිවම මං කාර් එකෙන් බැස්සා වෙද්දි...මගෙ පිටිපස්සෙන්ම ආපු එයා නුවීව මගෙ අතට දීලා නුවීගේ සේෆ්ටි ශිට් එක ගලවලා පිටිපස්සේ සීට් එකට දැම්මා..ආයිමත් නුවීව එයාගෙ අතට අරන් මං නගිනකම් බලන් ඉඳපු එයා නූවීව මගෙ ඔඩොක්කුවෙන් තියලා ඩ්‍රැයිවින්ග් සීට් එකට නඟිද්දී නුවීයි මමයි මූණෙන් මූණ බලා ගත්තා...
"මොකෝ මේ මගෙ මහත්තුරු දෙන්නා බයවෙලා වගේ..."
........
ඩ්‍රැයිවින්ග් සීට් එකේ වාඩි උණ එයා හිනා වෙවිම අහන ගමන්...අපි දෙන්නාගේ නහය මිරිකද්දී අපි දෙන්නා තාමත් පුදුම වෙලා බලන් උන්නා..අහන්න ප්‍රස්න ආවත් මං ගොළු උණා...සමහරවිට එයා ටවුන් එකට අපිව දාලා ආපහු හැරිලා එයි...
BẠN ĐANG ĐỌC
❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 Complete
Fanfiction👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪