🌺 අවාරය 22 🌺

1.7K 325 150
                                    

කිව්වත් වගේම නෙලීෂා පහුුවදා උදේම අපහු ගිහිං තිබුණා...එයාගේ හදිසි පැමිණිම,අමුතු හැසිරීම වගේම අමුතු අනතුරු ඇඟවීම..මේ හැම දෙයක් එක්කම අනාගතේ ගැන දැනුණ බය මගේ නින්ද හොරා ගත්තා වෙද්දි ,පරක්කුවෙලා නින්ද ගිය මං
පහුවදා සෙනසුරදා නින්දෙන් ඇහැරිද්දිත් එයා නුවීටයි කිරි අම්මාටයි විතරක් සමු දීලා මට නොකියාම යන්න ගිහිං තිබුණා...මට දැනුණෙම....
එයාගෙ මේ හදිසි පැමිණිමත් එක්ක එයා අපේ හිත්වල සැනසීමත් අරන් ගිය බවක්....

"මන් මේ මුළු ලෝකයක් එක්ක...උඹ වෙනුවෙන් සටන් කරන්නම් සදීව්...ඒත් මං උබේ වයිෆ් ඉස්සරහා...දරුවා ඉස්සරහා හරි අසරණයි බං... හයිය ඇතිව ඉන්න හැදුවා උණත්...අඩියක් ඉස්සරටහට තීවත්.. අඩි දෙකක්..ඒ බැඳිම ඉස්සරහා මටත් නොදැනම පස්සට ගැනෙනවා බං..මට ඕනා නෑ.. මෙතනදි...උඹට කිසිම බලපෑමක් කරන්න...අනේ ඒ නිසා වැඳලා ඉල්ලන්නම්..හිත හයිය කරන්..මෙතනදී සුදුසුම තීරණේ ගණින් අපි හැමෝම වෙනුවෙන්...."

නෙලීෂාගේ වචන අනතුරු ඇඟවීම් මාව සම්පූර්ණයෙන් අවුල් කරලා තිබුන මොහොතක...නෙලීෂා එළියේ බාත් රූම් එක ඇතුලේ අතුරුදන් වෙන ටිකට සර්  මං හොයන් කාමරේට ආවා..නෙලීෂා මාව ඇදගෙන කාමරේට ආවෙ එයා ඉස්සරහම වෙද්දී...එයාගෙ ඇස් එයාටත් අවනත නැතිව වගේ කාමරේ පුරා එහා මෙහා ගියා...

වෙන කවරදටත් වඩා...තීරණයක් ගන්න බැරි තැනට...මගේ අමුතුපහේ බිරිද මාව උන්නාටත් වඩා අසරණ කරපු බවක් නොදැන... එයා මගේ ඉස්සරහා දනගහගෙන.. අත් අල්ලන්..ඇස් වල කදුළු පුරවන් ඉල්ලද්දි...හිත හැදෙන්න්වත් වචනයක් කිය ගන්න බැරිව...මං ඔහේ බලාගත්ත අතේ බලාගෙන උන්නා වෙද්දි...මගෙන් පොරොන්දුවක්...අඩුම වචනයක් බලපොරොත්තුවෙන් උන්න එයා..මගේ නිහඬ බව ඉස්සරහා..දවල් කෑමටවත් නොයිද යන්න ගියේ කලකිරිමෙන්...

නෙලීෂා පොරොන්දුවක් වගේ දුන්න වචන හිත අස්සෙ දෝන්කාර දෙද්දී..මට මහා අසරණකමක් දැනුනා....ඒ වචන මාව අඩපණ කරලා තියෙද්දි...එයාව තව තව රිද්දන්න බැරි කමට...මං ඒ වචන...මගේ හිත අතුළේම හංගා ගත්තා....නෙලීෂා අපි අතරේ සම්බන්ධයක් තියෙනවා කියන්න සැක කරනවා කියන එක ඇරුණම...නෙලීෂාගේ තීරණේ වෙනස් කරන්න උත්සාහයක්වත් නොගෙන....
හැමදෙයක්ම දැනගෙනත්,
කොයිවිදිහෙන්වත් ඩිවෝස් එක නොදෙන බවට නෙලීෂා සහතික උණ බව එයාට කියලා..එයාගේ හිත බිදලා දාන්න මට හිත හදාගන්න බැරි උණා...

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now