"අ..යි..යේ.."
.....
"අයි.යේ.."
.....
"අයියේ..."
.....
තාමත් කාමරේ දොර ළඟ උන්න මං,මොකුත් කියනවා තියා මං දිහා බැල්මක්වත් නොහෙළා කාමරේ ඇතුලේ එහාටත් මෙහාටත් යන එයා දිහා බලන් උන්නේ ඇස් දෙකේ කදුළු පුරවන්..එයා ආයිමත් මගේ ඇස් ඉස්සරහා ඉද්දී සතුටු වෙන්න ඕනා උණත් මගේ හිතට දැනුණේ දරාගන්න බැරි තරමේ බරක් වෙද්දි එයාගේ ඇස් දෙකට නොපෙනි අතුරුදන් වෙන්න ඕනා උණත්,එහෙම කරන්න බැරි කමට බලන් උන්න මං ,එයාගෙ නිහඬ බව දරාගන්න බැරි තැන එයාට කතා කරා උණත් එයා උන්නේ මං කියලා කෙනෙක් එතන නෑ වගේ..
"බණ්ඩ..අ..යියේ...!!"
"ඇයි මොකද..පළයන්.. ගිහිං කිව්ව දේ කරපන්..!!"
....
"ඒත් මං..අස් කර.."
අන්තිමේ ප්‍රතිචාරයක් නැති තැන මං ඉස්සර පුරුද්දට බණ්ඩයියෙ කියලා කෑ ගහන්න ගියත්,අතේ තිබුණ පිලුණු උණ කෑම තිබුණ කාඩ් බෝඩ් පෙට්ටි ෂොපිං උරේක ඔබන ගමන් උන්න එයා මං දිහා බලපු බැල්මට මගෙ කටහඬ බිඳිලා යද්දි එහෙම්ම රූටලා ගිහින් උලුවස්සට බාරදීලා දොර කටේම ඉන්ද උණා..තවත් කඳුලු පාලනයක් නැතිව ගිහිං මට ඉකි ගැහෙන්න එද්දී දණිස් දෙකේ ඔළුව ගහගත්ත මන් තොල් හපන් ඉකිය උගුර ඇතුළේම හිරකරගන්න උත්සාහ කරා..
කාමරේට අඩියක් තියන්න බෑ ගඳයි...දවස් ගාණක් තිස්සේ වේල පිරිමහන්න ඕනාවට අල්ලපු කාමරේ මල්ලිලාට කියලා ගෙන්න ගත්තු කෑම පාර්සල් යන්තම් අත විතරක් ගහලා මේසෙ උඩ වගේම කාමරේ තිබුණ අනික් ඇද උඩ ගොඩ ගහලා තියෙද්දි..තවත් ඒවා කාමරේ මුල්ලක තිබුණ ඩස්බින් එකේ ගොඩ ගහලා තිබුණා...ඒ අස්සෙන් ඇඳලා ඇඳලා දාපු ඇඳුම් කෑලි දෙක තුනයි බෙහෙත් කවරයි ඔහේ හැම තැන විසි කරලා...වෙන එකක් තියා සියගාණක් කොල්ලො බුදියපු මෙට්ට කොට්ට වලට කවරත් නැතිවෙද්දී, මෙච්චර දවස් මේ කිසි දෙයක් ඇහැ නොගැටී... ගඳක් නොදැනී... මේ අපාය අස්සෙ මං කොහොම උන්නද කියන්න..මටම හිතා ගන්න බැරි උණා..
දුක වේදනවා ආත්මේ වහගද්දී අනික් ඉන්ද්‍රියන් දුර්වල වෙනවාද මන්දා...
YOU ARE READING
❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 Complete
Fanfiction👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪