🌺 අවාරය 20 🌺

1.9K 340 149
                                    

ඇත්ත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇත්ත...බලාසිටිය යුතුද...අත් ඇරිය යුතුද කියන එක නොදනිද්දී...දැනෙන හැඟීම...දරාගන්න හරි අමාරුයි....ඉස්සර ඉඳ හිට අහු වෙන එයාගෙ බැල්මක් පවා මග අරින ගමන්...ගෙවුණ කාලෙත් ඒ වගේ...

රෑ නින්දේදී පවා...පහුවදාට එයා දැක ගන්න මොහොතක් ගැන මං හීන මැව්වා.එයාව දකින එක උදේ නැගිටිද්දී...මගෙ පළවැනි සිතුවිල්ල උණා.. උදා උණ දවස ඇතුලත...එයාගෙ බැල්මක් එක්ක එක මොහොතකට පැටලෙන්න ලැබෙන්න කියන එක දවසේ මගෙ මුල්ම ප්‍රාර්ථනාව උණා...ඉතිං වැඩි හරියක් දවස් වල මං දැකපු හිනේ... මගෙ සිතුවිල්ල...මගෙ ප්‍රාර්ථනාව හැබැ උණා...මං බලාපොරොත්තු උනාටත් වඩා...ඒ ඇසුත් මගෙ පස්සේ දුවලා තියෙද්දි...එයාව දකින්න වගේම...ඒ බැල්ම එක්ක පැටලෙන්න... ඕනවාටත් වඩා අවස්ථා මට උදා උණා...

ඒත් ඒ අවස්ථා වෙනුවෙන් බලන් හිටියෙ..ප්‍රාර්ථනා කරේ මන්ම උණත්...ඒ ලැබෙන හැම අවස්ථාවක්ම ලැබෙද්දී... මං හිතා මතාම ඒ ඇස් මග ඇරියා...මගෙ හුස්ම වදින තරම් දුරින්...එයා මං ළඟින් එහා මෙහා උණත්...නොදන්න නොදැකපු ගාණට...මං අහක බලන් උන්නා...හිතා මතා ඒ ඇස් මග ඇරියා...ඒත් ඒ මග ඇරෙන එක මොහොතට...මං එහෙම කරපු එක ගැන පසු තැවුණා....කල්පනා කරා මං එහෙම කරේ ඇයිද කියන්න..මං කසාද බැඳපු මිනිහෙක්...දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් කියන හේතුව...ආයි ආයීම මටම මතක් කරගන්න ගමන් හිත හදාගන්න මට සිද්ද උණා...

ඔක්කොටමත් වඩා...අත අරින්න ඕනද...බලන් ඉන්න ඕනද කියන එක මං නොදැන ඉද්දී...එයා දිහා බලන එක බැල්මකදී... මට...මගෙ බැල්මට... තනිවෙන්න වේවිදො කියන බය...
මන් බලද්දි එයා අහක බලන් ඉඳිවිදෝ කියන බය...ඒ බැල්ම හමු උනොත්...එයා මං ගැන මොනවා හිතාවිදෝ කියන බය මගෙ ඉටු උණ ප්‍රාර්තනා බිඳලා දාන්න මාව නොදැනම හැසිරෙව්වා...

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now